ශ්‍රී ලංකාවේ වත්මන් අභියෝග ජය ගැනීම සඳහා සහාය විය හැකි ආකාරය පිළිබඳව ශ්‍රී ලංකාවේ චීන හා ඇමරිකා තානාපතිවරුන් ගේ අවධානය
2022-06-14 16:43:43
Share with:

ශ්‍රී ලංකාවේ වත්මන් අභියෝග ජය ගැනීම සඳහා සහාය විය හැකි ආකාරය පිළිබඳ ශ්‍රී ලංකාවේ චීන හා ඇමරිකා තානාපතිවරුන් අතර හමුවේ දී අවධානය යොමු වෙයි.‍ශ්‍රී ලංකාවේ චීන තානාපති චී චෙන්හොන්ග් මහතා සහ ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිනී ජූලී චන්ග් මහත්මිය අතර හමුව චීන තානාපති කාර්යාලයේදී ඊයේ (13) සිදුවිය. එහිදී ශ්‍රී ලංකාවේ වත්මන් තත්ත්වය පිළිබඳ තානාපතිවරු දෙපළ සාකච්ඡා කර ඇති අතර වෙළඳාම, ආයෝජනය සහ සංවර්ධනය පිළිබඳව ද අදහස් හුවමාරු කර ගෙන තිබේ. වත්මන් ආර්ථික හා දේශපාලන අර්බුදය තුළ ශ්‍රී ලංකාවට උපකාර කිරීම සඳහා ඒකාබද්ධව ඉදිරිපත් වීමේ අවශ්‍යතාව සම්බන්ධයෙන්  තානාපතිවරු දෙපළ එම හමුවේ දී එකඟතාව පළ කර තිබේ.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම