අවි ප්‍රචණ්ඩත්වයන්ට ප්‍රධාන වශයෙන් අප්‍රිකානු සම්භවයක් සහිත ඇමරිකානු ජාතිකයන් වගකිව යුතු බවට පළව ඇති ප්‍රකාශ විවේචනය‍ට
2022-06-14 12:21:43
Share with:

ඇමරිකා අවි ප්‍රචණ්ඩ ලේඛනාගාර වෙබ් අඩවියේ සංඛ්‍යාලේඛනවලට අනුව, ප්‍රාදේශීය වෙලාවෙන් ඊයේ (13) පස්වරුව වන විට, මේ වසරේ මේ දක්වා ඇමරිකාවේ සමූහ වෙඩි තැබීම් 267 ක් සිදු වී ඇත.

ඇමරිකාවේ The Hill පුවත්පත ලිපියක් පළ කරමින් අවි ප්‍රචණ්ඩත්වය සම්බන්ධයෙන් සුළු ජාතීන්ට දොස් පැවරීම සම්බන්ධයෙන් ඇතැම් දේශපාලනඥයන් විවේචනයට ලක් කළේය. ඇතැම් දේශපාලනඥයන් කරුණු විකෘති කරමින් අවි ප්‍රචණ්ඩත්වයන්ට ප්‍රධාන වශයෙන් අප්‍රිකානු සම්භවයක් සහිත ඇමරිකානු ජාතිකයන් වගකිව යුතු බවට අසත්‍ය ප්‍රකාශ සිදුකර ඇති බව එම ලිපිය පෙන්වා දුන්නේය. එහෙත් සත්‍යය නම් ඇමරිකාවේ බොහෝ සමූහ වෙඩි තැබීම් සිදු කර ඇත්තේ සුදු ජාතික වෙඩික්කරුවන් විසිනි.

1982 වසරේ සිට ඇමරිකාවේ සමූහ වෙඩි තැබීම්වලින් 53% ක් සුදු ජාතික තුවක්කුකරුවන් විසින් සිදු කර ඇති බව එම ලිපිය සංඛ්‍යාලේඛන ආයතනයක් මෑතකදී නිකුත් කළ වාර්තාවක් උපුටා දක්වමින් හෙළි කර ඇත. අප්‍රිකානු ඇමරිකානුවන් සහ ලතින් ජාතිකයන් ගේ සම්බන්ධය සියයට 25 ක් බව එහි සඳහන් වේ.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම