2022 චීන ජපාන හා දකුණු කොරියානු සහයෝගිතා ජාත්‍යන්තර සංසදයට චීන විදේශ අමාත්‍යවරයාගෙන් සුබ පැතුම්
2022-06-14 16:56:20
Share with:

2022 චීන ජපාන හා දකුණු කොරියානු සහයෝගිතා ජාත්‍යන්තර සංසදයට චීන විදේශ අමාත්‍ය වං යී මහතා සුබ පැතුම් ලිපියක් යොමු කරයි‍.

අසල්වැසියන් වන රටවල් තුනට පුළුල් පොදු ප්‍රතිලාභ හිමිවන අතර වැදගත් හවුල්කරුවන් බව වං යී මහතා අද (14) යොමු කළ එම ලිපියේ දැක්වේ. රටවල් තුනේ සහයෝගිතා ලේකම් කාර්යාලයේ ප්‍රමුඛතම ව්‍යාපෘතිය වන එම සංසදය, ත්‍රෛයිපාර්ශවික හුවමාරු හා සහයෝගිතා ප්‍රවර්ධනය කිරීමට දායක වී ඇති බව ද හෙතෙම පැවසීය.

වර්ධනය වන අස්ථාවර සාධකයන්ට මුහුණ දෙමින් පවතින වත්මන් ලෝක තත්ත්වය මධ්‍යයේ, රටවල් තුන අන්‍යෝන්‍ය විශ්වාසය ගැඹුරු කරමින් සහයෝගිතා පුළුල් කර කලාපීය ස්ථාවරත්වය, සංවර්ධනය හා ජනතාව අතර මිත්‍රත්වයට දායක විය යුතු බව හෙතෙම අවධරණය කළේය.

රටවල් තුනේ සහයෝගිතා ලේකම් කාර්යාලය සිය දෙවැනි දශකය ආරම්භ කර ඇත. එම කාර්යාලය නව ජයග්‍රහණ ලබා ගනිමින් රටවල් තුනේ සහයෝගිතා හා මිත්‍රත්වය ඉහළ මට්ටමකට ගෙන යාමට දායක වනු ඇතැයි වං යී මහතා බලාපොරොත්තු වෙයි.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම