රුසියා-යුක්රේන ගැටුම ලබන ව‍සරේ ආහාර අස්වනුවලට තර්ජනයක් බව එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා කියයි
2022-06-14 10:33:21
Share with:

එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ 170 වැනි සැසිය ඊයේ(13) ආරම්භ විය. 

එම සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් Qu Dongyu මහතා එහිදී පෙන්වා දුන්නේ, කෘෂිකර්මාන්තය කල්පවත්නා සාමය සහ සුරක්ෂිතභාවය සඳහා යතුරක් ලෙසට සැලකිය හැකි බවයි. රුසියා-යුක්රේන ගැටුම් හේතුවෙන්, ආහාර, සත්ව ආහාර සහ පොහොර අපනයනය අඩුවී ඇති  අතර, ආහාර මිල ඉහළ යාමට එය බලපා ඇත.මෙය ලබන වසරේ අස්වනු වල‍ට තර්ජනයක් බව ඔහු සඳහන් කළේ ය.

ඒ ඒ රටවල් මානුෂීය ක්‍රියාමාර්ග ශක්තිමත් කරමින් , සාමය සහ සංවර්ධනය ප්‍රවර්ධනය කළ යුතු බව Qu Dongyu මහතා ආයාචනා කළේ ය.

මෙවර සැසිය දින 5ක් පැවැත්වීමට නියමිතයි. ගෝලීය ආහාර සුරක්ෂිතතාවට රුසියා-යුක්රේන ගැටුමේ බලපෑම එහි ප්‍රධාන‍ තේමාවකි.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම