ඇමරිකාව චීනයට ‍එරෙහිව සිදු කරන අපවාද මගින් ජගත් ප්‍රජාව නොමග යැවිය නොහැකියි
2022-06-14 11:05:51
Share with:

ඇමරිකාව චීනයට ‍එරෙහිව සිදු කරන  අපවාද මගින් ජගත් ප්‍රජාව නොමග යැවිය නොහැකි බව චීනය පවසයි.

චීනය සම්බන්ධයෙන් ඇමරිකා ආරක්ෂක ලේකම් Lloyd Austin කළ ප්‍රකාශය පිළිබඳව චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශක Wang Wenbin මහතා ඊයේ(13) පැවසුවේ තායිවාන සමුද්‍ර සන්ධියේ සාමය හා ස්ථාවරත්වයට විශාලතම තර්ජනය වන්නේ තායිවාන බෙදුම්වාදීන් බෙදුම්වාදී ක්‍රියාකාරකම් ප්‍රවර්ධනය කිරීම හා ඇමරිකාව ඊට අනුබල දීම හා වරදට ඉඩහැරීම බවයි. 

මෑතකදී ඇමරිකා ආරක්ෂක ලේකම් Lloyd Austin ෂැංග්‍රි-ලා සංවාදයේදී පැවසුවේ චීනය නැගෙනහිර චීන මුහුද හා දකුණු චීන මුහුද ඇතුළු ප්‍රදේශ වල භෞමික හිමිකම් ප්‍රකාශයට පත් කිරීම වඩාත් බලහත්කාරී සහ ප්‍රහාරාත්මක ක්‍රියාවක් වන අතර ඉන් තායිවාන සමුද්‍ර සන්ධියේ අවදානම වඩාත් දැඩි කරන බවයි. 

ඒ සම්බන්ධයෙන් Wang Wenbin මහතා පැවසුවේ ඇමරිකාව චීනයට අපවාද නැගීම මගින් ජගත් ප්‍රජාව නොමග යැවිය නොහැකි අතර ඇමරිකාවේ විශ්වසනීයත්වයට පමණක් හානි කරන බවයි. ප්‍රකාශ හා ක්‍රියා සමාන වශයෙන් සිදු කරන ලෙසත් බෙදුම්වාදී හා ගැටීමේ ප්‍රකාශ හා ක්‍රියාවන් සිදු නොකරන ලෙසත් චීනය ඇමරිකාවෙන් ඉල්ලා සිටින බව Wang Wenbin මහතා ප්‍රකාශ කළේ ය.

ගුවන් විදුලිය
20240418බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම