ශ්‍රී ලංකාවට අවශ්‍ය ඉන්ධන මිලට ගැනීමට තවත් ඇමරිකන් ඩොලර් මිලියන 500ක මූල්‍ය පහසුකමක් සැලසීම කෙරෙහි ඉන්දියාවේ අවධානය
2022-06-14 16:36:13
Share with:

ශ්‍රී ලංකාවට අවශ්‍ය ඉන්ධන මිලට ගැනීමට තවත් ඇමරිකන් ඩොලර් මිලියන 500ක මූල්‍ය පහසුකමක් සැලසීම කෙරෙහි ඉන්දීය රජයේ අවධානය යොමු වෙයි.

එම මූල්‍ය පහසුකම ශ්‍රී ලංකාවට දීමට අදාළව ඉන්දියාව දැනටමත් සාකච්ඡා ආරම්භ කර ඇතැයි ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය පෙන්වා දෙයි.

පවතින තත්ත්වය තුළ ශ්‍රී ලංකාව මුහුණ දී තිබෙන ආර්ථික අර්බුදය සමනය කිරීම වෙනුවෙන් මේ දක්වා කාලය තුළ ඉන්දියාව විසින් ශ්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් බිලියන 3.5ක මූල්‍ය පහසුකමක් දී තිබෙන බව ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය පවසයි.

පසුගිය පෙබරවාරි මස 02 දා ශ්‍රී ලංකා රජය සහ ඉන්දීය එක්සිම් බැංකුව අතර අත්සන් කළ ගිවිසුමකට අනුව ඉන්ධන මිලට ගැනීම වෙනුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 500ක මූල්‍ය පහසුකමක් ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට දී තිබෙන අතර ඒ යටතේ ඉන්ධන මෙට්‍රික් ටොන් 384,000ක් ශ්‍රී ලංකාවට ආනයනය කර තිබෙන බවද එම මහ කොමසාරිස් කාර්යාලය කියයි.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම