උද්ධමනයෙන් ඇමරිකානු වැසියෝ පෙර නොවූ ආකරයෙන් පීඩා විඳිති
2022-06-13 19:24:42
Share with:


ගෙවී ගිය වසන්ත කාලය පුරා ඇමරිකාවේ උපයෝග සේවා, ඛනිජ තෙල් සහ භාණ්ඩ මිල සියයට 10කට වැඩි අනුපාතයකින් ඉහල ගිය බවත් උද්ධමන තත්ත්වය තව තවත් උග්‍ර වීමේ ලකුණු ඇති බවත් Bloomberg වෙබ් අඩවිය වාර්තා කරයි.

ආහාර හා බලශක්ති මිල වේගවත්ව වෙනස් වන බැවින්  එය උද්ධමනයට බලපාන සාධක ලෙස ගැනීමට, තේරුමක් නැතැයි පවසමින්, ඇමරිකානු අර්ථ ශාස්ත්‍රඥයෝ රටේ උද්ධමන තත්ත්වය ඇගයීමේදී එම සාධක දෙක ඉවත් කිරීමට පුරුදු ව සිටිති. එහෙත්, පිපුරුමක් සේ ඉහල ගිය භාණ්ඩ මිලට මුහුණදීමට සිදුවන ඇමරිකානුවන්ට, ආහාර හා බලශක්ති මිල වෙත වර්තමානයේ ඔවුන්ගේ සියළුම සැලකිල්ල හිමි ව ඇත. 

මාස දෙකක් පුරා අඛණ්ඩවම, ඇමරිකාවේ මූලික පරිභෝජන පිරිවැයට අයත් ඉන්ධන, බලශක්ති හා  සිල්ලර ආහාර මිල, වසර 1981 සිට පළමු වතාවට සියයට 10කට වැඩි අගයකින් වැඩි විය. බයිඩන් රජය රටේ අඩු විරැකියා තත්ත්වය, ආර්ථික ප්‍රතිසාධන ජයක් ලෙස ප්‍රචාරය කිරීමට තැත් කරද්දී, ඇමරිකානු ජනතාව  සැලකිල්ල යොමු කර ඇත්තේ  දෛනික පිරිවැය හා උද්ධමනය පිළිබඳව පමණි.

ගුවන් විදුලිය
20240422සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම