පිලිපීන නව රජය සමඟ ද්විපාර්ශ්වික සම්බන්ධතාව ප්‍රවර්ධනය කිරීමට චීනයේ කැමැත්ත
2022-06-13 17:21:31
Share with:

චීනය පෙර කාලයේ සිටම පිලිපීනයේ ශක්තිමත් ම හවුල්කරු වන අතර, ස්වාධීන රාජ්‍ය තාන්ත්‍රික ප්‍රතිපත්ති මත දෙර‍ට සම්බන්ධතාව ප්‍රවර්ධනය කෙරෙනු ඇති බව පිලිපීන නව ජනාධිපති Ferdinand Romualdez Marcos මහතා පවසයි.

පසුගිය 10 වැනිදා පිලිපීන නව ජනාධිපතිවරයා කළ එම ප්‍රකාශය පිළිබඳව, චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශක Wang Wenbin මහතා අද (13) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී අදහස් දැක්වීය. අසල්වැසියන් වන දෙරට අතර මිත්‍රත්වයට දිගු ඉතිහාසයක් පවතින බව හෙතෙම පැවසීය. අසල්වැසි රටවල් සමඟ රාජ්‍ය තාන්ත්‍රිකත්වය අතින්, චීනය අඛණ්ඩව පිලිපීනයට ප්‍රමුඛත්වය ලබා දෙන අතර පිලිපීනයට අදාළ මිත්‍ර ප්‍රතිපත්ති අඛණ්ඩව ස්ථාවර ලෙස පවතිනු ඇති බව ද හෙතෙම පෙන්වා දුන්නේය. පිලිපීනයේ ස්වාධීන රාජ්‍ය තාන්ත්‍රික ප්‍රතිපත්ති චීනය අගය කරයි. පිලිපීන නව රජය සමඟ ද්විපාර්ශ්වික සම්බන්ධතාව ප්‍රවර්ධනය කරමින්, කලාපීය සාමය හා සංවර්ධනය මත ජනතාවගේ ජීවිත පලප්‍රයෝජනය වෙනුවෙන් දායකවීමට චීනය කැමැත්තෙන් සිටින බව Wang Wenbin මහතා කියා සිටියේය.


ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම