සහල් හිඟයක් ඇතිවීමට කිසිදු ඉඩක් නැතැයි කෘෂිකර්ම ඇමතිවරයා පවසයි
2022-06-13 16:13:47
Share with:

රට තුළ සහල් හිඟයක් ඇතිවීමට කිසිදු ඉඩක් නැතැයි කෘෂිකර්ම, වනජීවි සහ වන සංරක්ෂණ ඇමති මහින්ද අමරවීර මහතා කියයි. දෙසැම්බර් මාසය දක්වා අවශ්‍ය සහල් තොග රට තුළ පවතී. මාධ්‍යයට අදහස් දක්වමින් ඇමතිවරයා පැවසුවේ කිසියම් අඩුවක් ඇත්තම් එම සහල් තොග ඇණවුම් කිරීමට කඩිනම් ක්‍රියාමාර්ග ගන්නා බවයි.

ඇතැම් කුට වෙළෙඳුන් මිල ඉහල නැංවීමේ උත්සාහයක නිරත වන බව පෙනි යයි. ඇතැම් පිරිස් අනවශ්‍ය ලෙස සහල් තොග රැස් කර ගනිති. එය සැබැවින්ම නිෂ්ඵල ක්‍රියාවකි. සහල්වල කල් ඉකුත්වීමේ දිනය දුරස්ථ වුවද මසක් පමණ යනවිට ඒවා විනාශවීමට ඉඩ තිබේ. එම නිසා තොග රැස් කර ගනිමින් වළකින්නැයි ඔහු ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

ගුවන් විදුලිය
20240326අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම