ගිම්හාන ඍතුවේ ධාන්‍ය අස්වනු මිලදී ගැනීම සාර්ථක අදියරක
2022-06-13 11:06:46
Share with:

චීනය පුරා ගිම්හාන ඍතුවේ ධාන්‍ය අස්වනු මිලදී ගැනීම ක්‍රමයෙන් ආරම්භ වේ.

ගිම්හාන ධාන්‍ය මිලදී ගැනීම දකුණු චීනයේ සිට උතුරු ප්‍රදේශය දක්වා සිදු කර ඇති අතර, එහි ප්‍රගතිය පෙර වසරවලට වඩා වේගවත් බව චීන ජාතික ධාන්‍ය හා ද්‍රව්‍ය සංචිත පරිපාලනය හෙළි කරයි. මෙම වසරේ ප්‍රධාන නිෂ්පාදන ප්‍රදේශවල තිරිඟු, අධිගුණාත්මක තත්ත්වයකින් සහ ඉහළ මිලකින් යුතු වේ. මිලදී ගැනෙන ගිම්හාන ධාන්‍ය ප්‍රමාණය කිලෝග්‍රෑම් බිලියන 65 ක් පමණ වනු ඇතැයි අපේක්ෂා කෙරෙන අතර, එය සාපේක්ෂව ඉහළ මට්ටමක පවතිනු ඇත.

විවිධ ප්‍රදේශවල මූල්‍ය ආධාර, නිරවද්‍ය හා ප්‍රශස්ත සේවා ශක්තිමත් කිරීමෙන්, ගිම්හාන ඍතුවේ ධාන්‍ය මිලදී ගැනීම් කාර්යක්ෂමව හා ක්‍රමානුකූලව සිදු කෙරේ.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම