පොළොන්නරුව ජාතික වෘක්කවේද රෝහල සඳහා චීන රජයෙන් ඖෂධ පරිත්‍යාගයක්
2022-06-13 16:11:43
Share with:

පොළොන්නරුව ජාතික වෘක්කවේද රෝහල සඳහා චීන රජය ඩොලර් අසූදහසක ඖෂධ ලබාදීමට කටයුතු කරන බව ශ්‍රී ලංකාවේ චීන තානාපති චී චෙන් හොන්ග් මහතා පවසයි.  එම රෝහලේ පවතින ඖෂධ හිඟය මඟහැරවීමට මෙය දායක වනු ඇති බව හෙතෙම පෙන්වා දුන්නේ ය.

ශ්‍රී ලාංකික ජනතාවට චීන පරිත්‍යාගයක් ලෙස ලැබුණු චීන මිත්‍රත්ව ජාතික වෘක්කවේදී රෝහල පොළොන්නරුවේ පිහිටුවා වසරක් පිරීම නිමිත්තෙන් උත්සවයක් පැවැත්විණ.

එම අවස්ථාවට එක්වෙමින් චීන තානාපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ චීන රජය ශ්‍රී ලංකාවට ලබා දීමට පොරොන්දු වූ ආධාර අතරින්  පළමු ආධාර තොගය මේ වන විටත් ලබා දී ඇති බවයි.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම