තායිවාන සමුද්‍ර සන්ධි දෙපස අතර සාමයට විශාලතම තර්ජනය චීනය පෙන්වා දෙයි
2022-06-13 17:08:30
Share with:

තායිවාන සමුද්‍ර සන්ධි දෙපස අතර සාමයට විශාලතම තර්ජනය, තායිවාන බෙදුම්වාදීන්ගේ ක්‍රියාවන් හා ඇමරිකාව ඊට දක්වන අනුබලය බව චීනය පවසයි.

චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශක වං වෙන්බින් මහතා මේ බව ප්‍රකාශ කළේ අද(13) බෙයිජිංහි පැවති නිත්‍ය හමුවකදී මාධ්‍යවේදීන් නැඟූ අදාල ප්‍රශ්නයකට පිලිතුරු දෙමිනි.

නැගෙනහිර චීන මුහුද, දකුණු චීන මුහුද යන කලාපවල භූමි හිමිකම් ඉල්ලීම අතින් චීනය වර්තමානයේ දී වඩාත් බලහත්කාරී ස්වභාවයක් දැක්වූ බව ඇමරිකානු ජාතික ආරක්ෂක ලේකම් Lloyd Austin, මෑතකදී ‘Shangri-La සංවාදයට’ එක්වෙමින් කියා සිටියේය.මේ අතර ඔහු පැවසුවේ, එකම චීනය පිළිබඳ මූලධර්මයෙහි නියැළී සිටීම පිළිබඳ ඇමරිකාවේ ස්ථාවරය වෙනස් නොවන බවයි. සතුරුකම් හා විරුද්ධබව, නව සීතල යුද්ධය, ආසියානු නේටෝවක් ගොඩනැගීම සඳහා ඇමරිකාව තැත් නොකරනු ඇතැයි ද ඔහු සඳහන් කළේය. 

ඇමරිකානු ජාතික ආරක්ෂක ලේකම්වරයා Shangri-La සංවාදයේදී සිදු කළ ප්‍රකාශය චීනයේ අවධානයට ලක් වූ බව වං වෙන්බින් මහතා කීය. චීනයට අපහාස කිරීමේ අරමුණෙන් යුක්තව ඇමරිකාව යළි යළිත් ව්‍යාජ තොරතුරු ව්‍යාප්ත කරමින් සිටියි. ඉන් සිදු වන්නේ, ගැටළු නිර්මාණය කිරීම හා ආධිපත්‍යය තහවුරු කිරීම පිළිබඳ ඇමරිකාවේ සැබෑ මුහුණුවර අනාවරණය වීම පමණක් බව වං වෙන්බින් මහතා ප්‍රකාශ කළේය. 

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම