ලෝකය මුහුණ පා සිටින අසීරුතා පිළිබඳව ලෝක වෙළඳ සංවිධාන අධ්ය ක්ෂ ජනරාල්වරිය විග්රවහ කරයි
2022-06-13 10:53:42
Share with:

ලෝකය බොහෝ අභියෝගවලට මුහුණ දී සිටින බව ලෝක වෙළඳ සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් Ngozi Okonjo Iweala මහත්මිය පවසයි.

ඇය මේ බව පැවසුවේ, ඊයේ (12) පැවති ලෝක වෙළඳ සංවිධානයේ 12වැනි ඇමති මට්ටමේ සමුළු‍වේදී ය. ලෝකය අවිනිශ්චිත හා අර්බුදකාරී තත්ත්වයකට මුහුණ දී සිටින බැවින් බහුපාර්ශ්වික වෙළඳ පද්ධතියක් අඛණ්ඩව පවත්වාගෙන යාම සියලු පාර්ශ්වයන්ගේ යහපතට ගැලපෙන බව ඇය එහිදී කියා සිටියාය .

ආහාර අර්බුදය, ලෝක වෙළඳ සංවිධානය ප්‍රථමයෙන් විසඳා ගත යුතු ප්‍රශ්නයකි. නියඟය , ගං වතුර, අධික උෂ්ණත්වය හා වෙනත් ඉතා අයහපත් කාලගුණ තත්ත්ව සහ කොවිඩ් වසංගතයෙන් සැපයුම් ජාලයට ඇති වූ බලපෑම් හේතුවෙන් ආහාර මිල ගණන් ගෝලීය වශයෙන් ඉහළ ගොස් තිබේ. රුසියානු-යුක්රේන ගැටුම ගෝලීය ආහාර මිල තවදුරටත් ඉහළ යාම කෙරෙහි බලපා ඇතැයි ද Ngozi Okonjo Iweala මහත්මිය සඳහන් කළා ය.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම