එළඹෙන නේටෝ සමුළුවේ දී ෆින්ලන්තය සහ ස්වීඩනයට තම සංවිධානයේ සාමාජිකත්වය ලබාදීමේ අවසන් තීරණයට නොඑළඹෙනු ඇතැයි නේටෝ මහලේකම්වරයා කියයි
2022-06-13 10:05:54
Share with:

ෆින්ලන්ත ජනාධිපති Sauli Niinisto මහතා සහ එරට සංචාරයක නිරත නේටෝ මහලේකම් Jens Stoltenberg මහතා ඒකාබද්ධ මාධ්‍ය හමුවක් පවත්වති. ඊයේ (12) එය පැවැත්විණ.

ජූනි මස අවසානයේ මැඩ්රිඩ්හි පැවැත්වීමට නියමිත නේටෝ සමුළුවේ දී, ෆින්ලන්තය සහ ස්වීඩනයට තම සංවිධානයේ සාමාජිකත්වය ලබාදීම අනුමත කිරීමේ ක්‍රියාවලිය අවසන්  කෙරෙනු ඇතැයි, නේටෝව නොසිතන බව Jens Stoltenberg මහතා එහිදී පැවසීය. ඒ, එම සාමාජිකත්වය සම්බන්ධයෙන් තුර්කියේ කනස්සල්ල සැලකිල්ලට ගනිමිනි.

ස්වීඩනය සහ ෆින්ලන්තය නේටෝවට සම්බන්ධ වීම කෙරෙහි තුර්කිය විරුද්ධ වේ. පසුගිය මස 25 වැනිදා ස්වීඩනය, ෆින්ලන්තය සහ තුර්කිය මේ සම්බන්ධයෙන් පළමු සාකච්ඡා වටය පැවැත්වූ නමුත් පැහැදිලි ප්‍රගතියක් දක්නට ලැබුණේ නැත.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම