තුවක්කු ප්‍රචණ්ඩත්වය වැළැක්වීමට පියවර ගන්නැයි ඉල්ලා ඇමරිකාව පුරා විරෝධතා
2022-06-12 18:54:28
Share with:

ඇමරිකානු ජනතාව තුවක්කු ප්‍රචණ්ඩත්වයට එරෙහිව තම දැඩි විරෝධය පළකරති. ඊයේ(11) විවිධ ප්‍රදේශවල විරෝධතා ව්‍යාපාරවලට එක් වූ පිරිස් තුවක්කු ප්‍රචණ්ඩත්වය වළක්වන ලෙසත්, දරුවන්ගේ ජීවිත ආරක්ෂා කරන ලෙසත්, ආණ්ඩුවට සහ දේශපාලනඥයන්ට බල කර සිටියහ‍.

"අපේ ජීවිත සඳහා විරෝධතා පාගමන" නමැති තුවක්කු පාලනය සඳහා පෙනී සිටින සමාජ ක්‍රියාකාරී කණ්ඩායම විසින් මෙම විරෝධතා සංවිධාන කර තිබේ. වොෂින්ටන්, නිව්යෝර්ක් සහ ලොස් ඇන්ජලීස් නගර ඇතුළු 450 කට වැඩි ස්ථානවල දී  විරෝධතා පැවැත්විණ.

මෙම වසර තුළ, ඇමෙරිකාවේ වෙඩි තැබීම් සිද්ධීන් 256ක් වාර්තා වී තිබේ. බාලවයස්කරුවන් 735ක් ඇතුළුව 19,000කට වැඩි පිරිසකට තුවක්කු ප්‍රචණ්ඩත්වය හේතුවෙන් ජීවිත අහිමි විය.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම