නුදුරේ දී ශ්‍රී ලංකාවට රුසියාවෙන් තෙල් මිලදී ගැනීමට අපේක්ෂා කෙරේ
2022-06-12 16:50:58
Share with:

ශ්‍රී ලංකාව ඉදිරියේදී රුසියාවෙන් ඉන්ධන මිලදී ගැනීමට බලාපොරොත්තු වන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.  ජාත්‍යන්තර AP පුවත්සේවය සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා පවසා ඇත්තේ පවතින ඉන්ධන අර්බුදය සම්බන්ධයෙන් පියවර ගනිමින් සිටින බවයි.

අඩු මිලට රුසියාවෙන් ඉන්ධන මිල දී ගැනීම සම්බන්ධයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේදී මෙන්ම ඉන් පිටතදීත් පාර්ශ්ව කිහිපයක් අදහස් දක්වා තිබිණ. එමෙන්ම රුසියානු රජය විසින් මෙරටට තිරිඟු ද පිරිනැමූ බව අගමැතිවරයා පැවසීය.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම