යුරෝපා මානව හිමිකම් අධිකරණයේ තීන්දුවලට රුසියාව අනුගත නොවීම පිළිබඳ පනත් කෙටුම්පතට එරට ජනපති අත්සන් තබයි
2022-06-12 17:58:44
Share with:

යුරෝපා මානව හිමිකම් අධිකරණයේ තීන්දුවලට රුසියාව අනුගත නොවීම පිළිබඳ පනත් කෙටුම්පතට රුසියානු ජනපති අත්සන් තබයි. ජනාධිපති ව්ලැඩිමීර් පුටින් මහතා ඊයේ(11) ඊට අත්සන් තැබූ බව ක්‍රෙම්ලිනය එදින නිවේදනය කළේය.

මෙම නීතියට අනුකූලව, රුසියාව යුරෝපා කවුන්සිලයෙන් ඉවත් වන බව නිවේදනය කළ මාර්තු 15 වැනිදායින් පසු සම්මත කරන ලද යුරෝපා මානව හිමිකම් අධිකරණ තීන්දු රුසියාව විසින් අනුගමනය නොකරනු ඇත.

මීට අමතරව, රුසියානු ජනතාවගේ හිමිකම් ආරක්ෂා කිරීම සම්බන්ධයෙන්, යුරෝපා මානව හිමිකම් අධිකරණය පසුගිය මාර්තු මස 16 වනදාට පෙර දුන් තීන්දුවලට අදාළ වන්දි ලබන ජනවාරි මස පළමුවැනිදාට පෙර ලබා ගත හැකි වේ. රුසියානු  නීති තොරතුරු වෙබ් අඩවියේ මේ බව දැක්වේ.

ගුවන් විදුලිය
20240326අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම