සැබෑ සංවර්ධනයේ දී ග්‍රාමීය ප්‍රදේශයන්හි පවතින විභවතා ඉහළ නැංවීමේ අවශ්‍යතාව කෙරෙහි චීන ජනපතිගේ ඍජු අවධානය
2022-06-12 18:02:33
Share with:

                   

                    පසුගිය දා චීන ජනාධිපති ෂී ජින්පිං මහතා ස්චුවාන් පළාතේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය. එම චාරිකාව සඳහා හෙතෙම තෝරාගත්තේ මෙයි ෂන් සහ යි බින් යන නගර දෙක ය.

                   චීනයේ පැරණි කෘෂි ශිෂ්ටාචාර උරුමයන් රැසක් පිහිටා ඇති මෙයි ෂන් නගරය, රටේ පැරණි සංස්කෘතික වටිනාකම් මැනවින් හඳුනාගත හැකි ස්ථානයක් වශයෙන් ද සැලකේ. එම නගරයේ දොං පෝ දිස්ත්‍රික්කයේ යොං ෆෙං ගම්මානයට පැමිණි ජනාධිපතිවරයා එහි කෘෂිකාර්මික කටයුතු පිළිබඳ සොයා බැලීය. ඉහළ ප්‍රමිතිගත වගාබිම් සංවර්ධනය වේගවත් කිරීම සහ ධාන්‍ය නිෂ්පාදන ධාරිතාව ඉහළ නංවාලීම එහිදී ඔහුගේ අවධානයට ලක් විය. ගම්මාන සමෘද්ධිමත් කිරීම පිළිබඳව ද චීන ජනාධිපතිවරයා උපදෙස් දී තිබේ. මෙයි ෂන් නගරයේ ස්ථාපිත චීන සාහිත්‍ය වංශයේ සුප්‍රකට පියපුත් තිදෙනාගේ අනුස්මරණ ශාලාව නැරඹීමට ද චීන ජනාධිපතිවරයා අමතක නොකළේය. සු ෂුන් සහ සිය පුත්‍රයන් දෙදෙනා වන සු ෂී හා සු ච, විශිෂ්ට සාහිත්‍යධරයන් වශයෙන් චීන සාහිත්‍යය වෙසෙසින් පෝෂණය කර ඇත. ඔවුන් තිදෙනාගෙන් වඩාත් දීප්තිමත් චරිතය වූ සු ෂී ගේ වදන් උපුටා දැක්වීම, දේශන පවත්වන විවිධ අවස්ථාවලදී චීන ජනාධිපතිවරයාගේ විශේෂ පුරුද්දකි. එම අනුස්මරණ ශාලාවේ සංරක්ෂණ කටයුතු පිළිබඳව ද හෙතෙම විමසා බැලීය.

                   යි බින් නගරය, චීනයේ යැංසි ගංගාව ආශ්‍රිතව පිහිටි වැදගත් නගරයකි. යැංසි ගංගා ද්‍රෝණියේ ජෛව පරිසර සංරක්ෂණය සහතික කිරීමේදී යි බින් නගරය සුවිශේෂ කාර්යභාරයක් ඉටු කරන බවත්, යැංසි ගංගා ද්‍රෝණියේ ජෛව පරිසරය මෙම ප්‍රදේශයේ ආර්ථිකයේ ඉහළ ගුණාත්මකභාවයට වැඩි වශයෙන් බල පාන බවත්, ෂී ජින් පිං මහතා කියා සිටියේය. යි බින් නගරය නිරීක්ෂණ කිරීමේදී හෙතෙම ඊට අදාළ උපදෙස් දී ඇත. මීට අමතරව ජනාධිපතිවරයා යි බින් විශ්වවිද්‍යාලය සහ XGIMI දෘෂ්ටි ඉලෙක්ට්‍රොනික සමාගම ද නිරීක්ෂණය කළේය. උපාධිධාරීන්ගේ රැකියා සහ ව්‍යවසායන්හි ස්වාධීන නවෝත්පාදන පිළිබඳ තොරතුරු ද චීන ජනාධිපතිවරයාගේ විමර්ශනයට ලක් විය.

               චීන රජයේ මඟපෙන්වීම් හා නියෝග අනුව ස්චුවාන් පළාත ඇතුළු රටේ සියලු ප්‍රදේශ අඛණ්ඩව ප්‍රතිසංස්කරණ ඉදිරියට ගෙන යමින් ස්ථාවර දේශපාලන, ආර්ථික හා සමාජයීය පරිසරයක් නිර්මාණය කළ යුතු බවත්, ඉදිරියේදී පැවැත්වෙන පාලක චීන කොමියුනිස්ට් පක්ෂයේ 20වැනි ජාතික නියෝජිත සම්මේලනය වෙනුවෙන් යහපත් වාතාවරණයක් ගොඩ නගා ගත යුතු බවත්, චීන ජනාධිපතිවරයා මෙම චාරිකාවේ නිරත වූ විවිධ අවස්ථාවලදී පෙන්වා දී තිබේ.

 

ගුවන් විදුලිය
20240422සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම