කලාපීය පිළිවෙල පිළිබඳ චීනයේ දැක්ම චීන ජාතික ආරක්ෂක ඇමති විග්‍රහ කරයි
2022-06-12 18:05:58
Share with:

චීන රාජ්‍ය මණ්ඩල සාමාජික, ජාතික ආරක්ෂක අමාත්‍ය Wei Fenghe මහතා සිංගප්පූරුවේ පැවති 19 වැනි ෂැංග්‍රි-ලා සංවාදයේදී කලාපීය පිළිවෙළ පිළිබඳ චීනයේ දැක්ම  විග්‍රහ කරයි.  ඒ, එහිදී ඊයේ (11) විශේෂ දේශනයක් පවත්වමිනි.

 ලෝකය, ඉතිහාසයේ කලාතුරකින් දක්නට ලැබෙන බහුවිධ අර්බුදවලට මුහුණ දෙමින් සිටී. මේ නිසාම, බහුපාර්ශ්විකත්වය ආරක්ෂා කිරීම මෙන්ම මානව වර්ගයා සඳහා පොදු අනාගතයක් ගොඩනැගීමේ අවශ්‍යතාව ඔහු පෙන්වාදෙයි.

චීනයේ සංවර්ධනය නොවැළැක්විය හැකිය. සාමකාමී සංවර්ධන ගමනක නිරත  චීනය ගෝලීය සාමය සහ සංවර්ධනය සඳහා විශාල දායකත්වයක් දැක්වීමෙහි කැපවී සිටින බව ද Wei Fenghe මහතා කියාසිටී.

 චීනය ස්ථිරසාර ආරක්ෂක ප්‍රතිපත්තියක් අනුගමනය කරන බව ද  ආරක්ෂක අමාත්‍යවරයා පැවසීය. චීන හමුදාව සෑමවිටම සාමය සඳහා බලවේගයක් වන අතර චීනයේ ස්වෛරීභාවය, ආරක්ෂාව සහ සංවර්ධන අවශ්‍යතා ආරක්ෂා කිරීමෙහිලා කැප වී සිටී.

එසේම, දිගුකාලීන සාමයක් භුක්ති විඳින, පොදු අනාගතයක් සහිත ආසියා-පැසිෆික් ප්‍රජාවක් ගොඩනැගීමේ දීප්තිමත් අපේක්ෂාව සඳහා උත්සාහ කරන ලෙස ද ඔහු  ඉල්ලා සිටියේය.

තායිවාන ප්‍රශ්නය සම්බන්ධයෙන් අදහස් පළ කළ අමාත්‍යවරයා,  තායිවාන ප්‍රශ්නය චීනයේ අභ්‍යන්තර කටයුත්තක් බවත්, චීනය දෙකඩ කිරීමට උත්සාහ දරමින් කෙරෙන විදේශ මැදිහත්වීම් අසාර්ථක වනු ඇතැයි ද පැවසීය. ස්වෛරීභාවය සහ භෞමික අඛණ්ඩතාව ආරක්ෂා කිරීමේදී චීනයේ සන්නද්ධ හමුදාවන්ගේ අධිෂ්ඨානය සහ හැකියාවන් කිසි විටෙකත් අවතක්සේරු නොකළ යුතු බව ද Wei Fenghe මහතා අවධාරණය කළේය.

 දකුණු මුහුද, චීන-ඇමරිකානු සබඳතා සහ යුක්රේන අර්බුදය සම්බන්ධයෙන්  චීනයේ ස්ථාවරය ද අමාත්‍යවරයා මෙහිදී පැහැදිලි කළේය.

ගුවන් විදුලිය
20240418බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම