ලෝක සංචාරක සංවිධානයෙන් රුසියාව නිල වශයෙන් ඉවතට
2022-06-11 16:45:16
Share with:

ලෝක සංචාරක සංවිධානයෙන්  (UNWTO) රුසියාව ඉවත් කර ගැනීමට අනුමැතිය දෙන නියෝගයකට රුසියානු අග්‍රාමාත්‍ය මිහායිල් මිෂුස්ටින් අත්සන් තබයි.  

 අදාළ සියලු රජයේ ආයතන සමඟ එකඟතාවකට පැමිණීමෙන් පසු රුසියානු විදේශ අමාත්‍යාංශය විසින් සකසන ලද යෝජනාවට අග්‍රාමාත්‍යවරයා ඊයේ (10) අත්සන් තැබීය

 ඉකුත් අප්‍රේල් 27 වැනිදා රුසියානු නියෝජිතයන් ලෝක සංචාරක සංවිධානයෙන් ඉවත් වන බව නිවේදනය කළ විට, එහි සෙසු පිරිස රුසියාවේ සාමාජිකත්වය අත්හිටුවීම සඳහා ඡන්දය ප්‍රකාශ කළහ. 

 එදින රුසියානු විදේශ අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ, යුරෝපා සංගමයේ රටවල් තම ඒකාධිකාරී ප්‍රතිපත්තිය මගින් ලෝක සංචාරක සංවිධානය හසුරුවන බවයි. එසේම එය ඔවුන්ගේ අවශ්‍යතා සඳහා භාවිත කරන බව ද එහිදී පෙන්වාදෙනු ලැබීය. ලෝක සංචාරක සංවිධානයේ ක්‍රියාකාරකම් "දේශපාලනීකරණය" වීමත්, තම රටට එරෙහි "වෙනස්කොට සැලකීම"ත් රුසියාවේ දැඩි දෝෂ දර්ශනයට ලක්විය.

ගුවන් විදුලිය
20240417බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම