චීනයේ සහ ඇමරිකානු ආරක්ෂක ඇමතිවරුන් කතා කළේ කුමක් ගැනද?
2022-06-11 20:20:23
Share with:

චීන ජාතික ආරක්ෂක අමාත්‍යාංශ ප්‍රකාශක Wu Qian මහතා සිංගප්පූරුවේ ඊයේ(10) පැවති Shangri-La සංවාද සමුළුවේ දී, චීන-ඇමරිකානු ආරක්ෂක අමාත්‍යවරුන් අතර පැවති සාකච්ඡාවල අන්තර්ගතය පැහැදිලි කළේය.  

චීන තායිවාන ප්‍රශ්නය සම්බන්ධයෙන් චීනයේ දැඩි ස්ථාවරය, චීන ජාතික ආරක්ෂක ඇමති Wei Fenghe මහතා එම සාකච්ඡාවේ දී යළි අවධාරණය කර තිබේ. ලෝකයේ ඇත්තේ එකම චීනයකි. තායිවානය චීනය භූමියෙන් වෙන් කළ නොහැකි, වැදගත් කොටසකි. එකම චීනය  මූලධර්මය, චීන-ඇමරිකානු සම්බන්ධතාවන්හි දේශපාලන පදනමයි.

ඇමරිකාව මෑතකදී චීන තායිවානයට ආයුධ අලෙවි කරන බව යළිත් ප්‍රකාශ කළේය. මින් එකම චීනය යන මූලධර්මය බරපතල ලෙස උල්ලංඝනය වන අතර, චීනයේ ස්වෛරීත්වයට සහ ආරක්ෂක අවශ්‍යතාවලට බරපතල හානි සිදුවේ. චීනය ඊට එරෙහිව දැඩි විරෝධය පළකරන බව, Wei Fenghe මහතා එම සාකච්ඡාවේ දී සඳහන් කර ඇත.

දකුණු චීන මුහුදේ ප්‍රශ්නය පිළිබඳව, Wei Fenghe මහතා පෙන්වා දුන්නේ, මෙම කලාපයේ රටවලට දකුණු චීන මුහුදේ ප්‍රශ්නය නිසි ලෙස හැසිරවීමේ වුවමනාව, ප්‍රඥාව සහ හැකියාව ඇති බවයි. දකුණු චීන මුහුදේ ස්ථාවරත්වය සඳහා, ඇමරිකාව ප්‍රායෝගික මෙහෙයුම්  හිතකර අයුරින් කළ යුතු බවත්, කලාපීය ගැටුම් ඇති කිරීමට හා ආරවුල් ඇති නොකළ යුතු බවත්, Wei Fenghe මහතා එහිදී සඳහන් කර තිබේ.

ගුවන් විදුලිය
20240420සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම