ගුණාත්මක රාජ්‍ය සේවයකට ජනපතිගෙන් උපදෙස්
2022-06-11 20:25:58
Share with:

ගුණාත්මක රාජ්‍ය සේවයක් ජනතාවට ලබාදීම සඳහා විධිමත් අධ්‍යයනයක් කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා බලධාරින්ට උපදෙස් දෙයි. ජනාධිපතිවරයා මේ බව පැවසුවේ, ස්වදේශ කටයුතු හා පළාත් පාලන අමාත්‍යංශයේ ඉදිරි කාර්ය භාරය පිළිබඳව කොළඹ කොටුව ජනාධිපති මන්දිරයේ ඊයේ (10) පැවති විශේෂ සාකච්ඡාවේ දීය.

රාජ්‍ය ආයතන ඒකාබද්ධ කිරීමේ අවශ්‍යතාව ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

අගනුවර පිහිටි ප්‍රධාන රාජ්‍ය ආයතන, පළාත්වලට විමධ්‍යගත කිරීමෙන් රාජ්‍ය සේවකයා කොළඹට පැමිණීම අවම කරගත හැකි බවද රාජපක්ෂ මහතා වැඩිදුරටත් පැවසීය.

රාජ්‍ය පරිපාලන සහ කෘෂිකර්ම අමාත්‍යාංශ ඒකාබද්ධව “එක්ව වවමු - රට දිනවමු”  මැයෙන්  ජාතික ආහාර සුරක්ෂිතතා වැඩසටහනක් ආරම්භ කිරීමටද මෙහිදී  තීරණය කෙරිණ.

 

ගුවන් විදුලිය
20240418බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම