එක්සත් ජාතීන්ගේ මහ සම්මේලනයේ කටයුතු වෙනුවෙන් චීනය දැරූ ප්‍රයත්නයන්ට ඉහළ පැසසුම
2022-06-11 17:16:24
Share with:

චීන විදේශ අමාත්‍යවරයා සහ 76 වන එක්සත් ජාතීන්ගේ මහ සම්මේලනයේ සභාපති මෙන්ම මාලදිවයින විදේශ අමාත්‍යවරයා දුරකථන සංවාදයක නිරත වෙති.

ඊයේ(10) පැවති එම දුරකථන සංවාදයේදී චීන රාජ්‍ය මණ්ඩල සාමාජික, විදේශ ඇමති වං යී මහතා පැවසුවේ, මෙවර එක්සත් ජාතීන්ගේ මහ සම්මේලනය විවිධ අසීරුතා අභිභවා සාර්ථක ප්‍රතිඵල ලබා  ඇති බවයි. ඒ සඳහා එම සම්මේලනයේ සභාපති, මාලදිවයින් විදේශ ඇමති Abdulla Shahid මහතා දැරූ දායකත්වය අගය කරන චීනය, අඛණ්ඩව එක්සත් ජාතීන්ගේ මහ සම්මේලනයට අනුග්‍රහය සපයන බව ද හෙතෙම පැවසීය.

මේ වසර චීන-මාලදිවයින් රාජ්‍යතාන්ත්‍රික සබඳතාවයේ 30 වැනි සංවත්සරය යි. දෙරටේ පූර්ණ මිත්‍රශීලි සහයෝගිතා හවුල්කාරී සබඳතාවට නව අන්තර්ගතයක් හා ගාමක බලවේගයක් එක් කිරීමට චීනය කැමැත්තෙන් සිටින බව ද වං යී මහතා මෙහිදී ප්‍රකාශ කළේය.

එක්සත් ජාතීන්ගේ මහ සම්මේලනයේ කටයුතු වෙනුවෙන් චීනය දැරූ ප්‍රයත්න හා දායකත්වය Abdulla Shahid මහතාගේ පැසසුමට ලක්විය. චීනය සමග සහයෝගිතා පුළුල් කිරීමෙන් දෙරටේ සබඳතා ප්‍රවර්ධනය මාලදිවයිනේ අපේක්ෂාව බව හෙතෙම පැවසීය.

ගුවන් විදුලිය
20240423අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම