ශ්‍රී ලංකාවේ ආර්ථික ස්ථාවරත්වයට උපරිම සහයෝගය ලබාදෙන බව චීන තානාපති කියයි
2022-06-11 20:24:08
Share with:

ශ්‍රී ලංකාවේ ආර්ථික ස්ථාවරත්වය සඳහා අවශ්‍ය ඕනෑම සහයෝගයක් ලබාදෙන බව, චීන තානාපති කී ෂෙං හොං මහතා කියාසිටී.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (10) හමුවූ අවස්ථාවේ තානාපතිවරයා මේ බව පැවසීය. හමුව පොළොන්නරුවේ පිහිටි මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නිවසේදී සිදුවිය.

රටේ පවතින ආර්ථික අර්බුදය ඇතුළු කරුණු රැසක් සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා කෙරිණ. ආහාර අර්බුදයක් ඇතිවුවහොත්, තම රජයෙන් දියහැකි උපරිම සහයෝගය ලබාදෙන බව ද චීන තානාපතිවරයා මෙහිදී කියාසිටියේය.

ගුවන් විදුලිය
20240420සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම