19වැනි Shangri-La සංවාදයට චීනය හා ඇමරිකාව එක් වේ
2022-06-10 19:49:39
Share with:

චීනයේ ජාතිකාරක්ෂක ඇමතිවරයා සහ ඇමරිකාවේ ජාතිකාරක්ෂක ලේකම්වරයා19 වැනි Shangri-La සංවාදයට එක් වෙති. ආසියා-පැසිෆික් කලාපයේ ආරක්ෂාව කෙරෙහි අවධානය යොමු වන මෙම වැදගත් බහුපාර්ශ්වික සංවාදය සිංගප්පූරුවේ දී අද(10) ආරම්භ විය. ‍

Shangri-La සංවාදය, චීනය හා ඇමරිකාව වෙත සාකච්ඡා ක්‍රමවේදයක් ඉදිරිපත් කර තිබේ. 2019 වසරේ චීන ජාතිකාරක්ෂක අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් යුතු චීන කණ්ඩායම එම සංවාදයට එක්වෙමින් එකල ඇමරිකාවේ වැඩබලන ජාතිකාරක්ෂක ලේකම්වරයා හමුවිය.

චීනය හා ඇමරිකාව අතර පවතින මතභේද දුර ලා එකඟතාවන්ට පැමිණිය හැක්කේ සාකච්ඡා පැවැත්වීම ඔස්සේ ය. සාකච්ඡා කිරීමෙන් පසු එකඟතා ක්‍රියාවට නැංවීම වඩාත් වැදගත් අදියර යි. වර්තමානයේ, චීන-ඇමරිකානු සබඳතාව කිසියම් මංසන්ධියක රැඳී පවතී.

චීන-ඇමරිකානු හමුදාමය සබඳතාව යනු දෙරටේ සම්බන්ධතා සඳහා වන වැදගත් කොටසකි. එහෙත්, ඇමරිකාව නොකඩවා චීනයට පීඩා එල්ලකිරීම හේතුවෙන් දෙරටේ හමුදා සබඳතාව අභියෝග රැසකට මුහුණ පා ඇත.

ඇමරිකාව සමග, විධිමත් හා ස්ථාවර සබඳතාවක් පිහිටුවීම, චීනයේ අපේක්ෂාව ය. එසේම, සිය අභිමානය හා ප්‍රතිලාභ ද චීනය අනි‍වාර්යයෙන් ම ආරක්ෂා කරයි. මේ කෙරෙහි චීනය දක්වන අධිෂ්ඨානය හා ශක්‍යතා ඇමරිකාව අවතක්සේරු නොකළ යුතු බව විශ්ලේෂකයෝ අවධාරණය කරති.

ගුවන් විදුලිය
20240423අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම