ඇමරිකාව, බ්‍රිතාන්‍යය සහ ඕස්ට්‍රේලියාව අතර න්‍යෂ්ටික අවි ව්‍යාප්ත නොකිරීමේ ගිවිසුමට බලපාන කරුණු කෙරෙහි ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ අවධානය
2022-06-10 12:20:26
Share with:

ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ පාලක මණ්ඩලය ඇමරිකාව, බ්‍රිතාන්‍යය සහ ඕස්ට්‍රේලියාව අතර න්‍යෂ්ටික අවි ව්‍යාප්ත නොකිරීමේ ගිවිසුමේ සියලු අංශ කෙරෙහි බලපාන ගැටළු සලකා බලයි. න්‍යෂ්ටික සබ්මැරීන සහයෝගීතාවයට සම්බන්ධ න්‍යෂ්ටික ද්‍රව්‍ය හුවමාරුව සහ ආරක්ෂණයන් ඇතුළුව න්‍යෂ්ටික  අවි ව්‍යාප්ත නොකිරීමේ ගිවිසුමේ සියලු අංශ කෙරෙහි ඊයේ (9) ඍජු අවධානය යොමු ව තිබේ.

ඇමරිකාව, බ්‍රිතාන්‍යය සහ ඕස්ට්‍රේලියාව අතර න්‍යෂ්ටික සබ්මැරීන සහයෝගීතාවය න්‍යෂ්ටික අවි ව්‍යාප්ත නොකිරීමේ ගිවිසුම මගින් ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ විස්තීරණ ආරක්ෂණ ගිවිසුම මෙන්ම ඕස්ට්‍රේලියාව, ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සිය සමඟ අත්සන් කරන ලද අතිරේක ප්‍රොටෝකෝලය ද උල්ලංඝනය කරන බව වියානා හි එක්සත් ජාතීන්ගේ චීන ස්ථාවර නියෝජිත Wang Qun මහතා පැවසීය. මේ සම්බන්ධයෙන් ජාත්‍යන්තර ප්‍රජාව දිගින් දිගටම දැඩි කනස්සල්ල පළ කර ඇති අතර, මෙම රටවල් තුන ජාත්‍යන්තර ප්‍රජාව කෙරෙහි නිසි වගවීමකින් ක්‍රියා කළ යුතු බව හෙතෙම අවධාරණය කළේය. ඇමරිකාව, බ්‍රිතාන්‍යය සහ ඕස්ට්‍රේලියාව අතර න්‍යෂ්ටික සබ්මැරීන සහයෝගීතාවය ගෝලීය උපායමාර්ගික ස්ථාවරත්වය, ජාත්‍යන්තර ආරක්ෂක පිළිවෙල සහ කලාපීය තිරසර සාමය  ගෝලීය ප්‍රගුණනය නොවන පද්ධතියට සම්බන්ධ වූ බැවින්, ඊට අනුරූප ජාත්‍යන්තර සහ කලාපීය ආරක්ෂක යාන්ත්‍රණයන් දේශපාලන ඉදිරි දැක්මකින් ප්‍රතිචාර දැක්විය යුතු බව Wang Qun මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම