චීන ජනතාවගේ සෞඛ්‍ය සාක්ෂරතාවයේ කැපීපෙනෙන ප්‍රගතියක්
2022-06-10 13:31:06
Share with:

සමස්ත චීන ජනතාවගේ සෞඛ්‍ය සාක්ෂරතා මට්ටම ක්‍රමයෙන් වැඩිදියුණු වී ඇතැයි චීන ජාතික සෞඛ්‍ය කොමිසම පවසයි.

චීන ජාතික සෞඛ්‍ය කොමිසම අද (10) කැඳවූ මාධ්‍ය හමුවක දී, චීන කොමියුනිස්ට් පක්ෂයේ 18වැනි ජාතික නියෝජිත සම්මේලනයෙන් පසු, සෞඛ්‍ය අධ්‍යාපන කටයුතුවල ප්‍රගතිය විශ්ලේෂණය කරමින් මේ බව ප්‍රකාශ කළේය.

මෙහිදී සඳහන් කෙරුණු පරිදි, ගෙවී ගිය වසර 10 තුළ සෞඛ්‍ය දැනුම පිළිබඳ චීන ජනතාවගේ අවශ්‍යතා සහ අපේක්ෂාවන් ඉහළ යමින් පවතී. පෞද්ගලික, රජයේ සහ සමාජයේ ඒකාබද්ධ ප්‍රයත්න තුළින් රට පුරා ජනතාවගේ සෞඛ්‍ය සාක්ෂරතා මට්ටම ස්ථීරව වැඩිදියුණු කර ඇති අතර, එම අනුපාතය වසර 10 කට පෙර 8.8% ක පැවතිණ. වසර 2021 වනවිට එය 25.4% දක්වා ඉහළ ගියේය. එනම්, සෑම සිය දෙනෙකුගෙන් 25 දෙනෙකුම මූලික සෞඛ්‍ය දැනුම සහ කුසලතා ප්‍රගුණ කර ඇත. ඒ අනුව, 2022 දී සෞඛ්‍ය සම්පන්න චීනය වැඩසටහනේ අපේක්ෂිත ඉලක්ක නියමිත වේලාවට පෙර සම්පූර්ණ කර තිබීම විශේෂත්වයකි.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම