චීන කොමියුනිස්ට් පක්ෂයේ පාලනය චීන සංවර්ධනයට බලපාන්නේ කෙසේ ද
2022-06-10 12:22:06
Share with:

ඉතිහාසයේ සිටම චීන කොමියුනිස්ට් පක්ෂය, චීනයේ තිබූ සමාජ, ආර්ථික හා දේශපාලනික අත්දැකීම්වලින් සහ නව දැනුමින් සන්නද්ධ වෙමින් නව්‍යතාවන්ට ගැළපෙන ලෙස ඉදිරියට යන ප්‍රධාන දේශපාලන පක්ෂයක් බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ, දේශපාලන විද්‍යා අධ්‍යානාංශයේ, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ශාන්ත ගම්ලත් මහතා පවසයි. අද වන විට ලෝකයේ ප්‍රබලම ආර්ථිකයක් හිමි රටක් දක්වා පරිවර්තනය වීමේ ගමනට ප්‍රධාන වශයෙන් හේතු වී ඇත්තේ කොමියුනිස්ට් පක්ෂයේ වැඩපිළිවෙළයි. ලෝකයේ වෙනස් වන ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්මයන් හා සිද්ධාන්තයන් මැනවින් උකහා ගෙන රටේ ආර්ථිකය නව දිශානතියකට ගෙන යාමට මෙම පක්ෂයට හැකි වී ඇති බවත්,  හා සමානවම ප්‍රජාතන්ත්‍රවාදී රටවලට සිය ඉලක්ක කරා ළගා වීමට නොහැකි වී ඇති බවත් හෙතෙම පවසයි. එහි දී ඔවුන්ගේ පාලන තන්ත්‍රය තුළ අනුගමනය  කෙරෙන  උපායමාර්ග සහ උපක්‍රම ආර්ථික වර්ධනය අරමුණු කරගෙන සකස් වී තිබීම ඉතා වැදගත් වේ. එය වර්තමානයේ දී ජාත්‍යන්තර පර්යාය තුළ චීනය මහා බලවතෙකු ලෙස නිර්මාණය කිරීමට හේතු වී ඇත. එහි ගෞරවය චීන කොමියුනිස්ට් පක්ෂයට හිමි විය යුතු බවද ඔහු පවසයි.

ඕනෑම ගොඩනැගිල්ලක් සෑදීමේ දී එහි දීර්ඝකාලීන පැවැත්ම වෙනුවෙන් එහි පදනම ඉතා වැදගත් වනවා සේම, චීන කොමියුනිස්ට් පක්ෂය ද ඉතා ශක්තිමත්ව බිම් මට්ටමෙන් ගොඩනැගුණු පක්ෂයක් වේ. එසේම සංවර්ධන ක්‍රියාවලියේ දී, වෙනස් වන ලෝක ප්‍රවණතාවයන්ට අනුව හැඩ ගැසීමට ඔවුන්ට හැකි වී ඇත. චීනයට විවෘත ආර්ථික ප්‍රවේශයක් හරහා, වෙළෙඳපොළ ආර්ථිකයේ වඩා ඉහළ භූමිකාවක් නිර්මාණය කර ගැනීමට හැකි වීමේ ප්‍රශංසාව ද චීන කොමියුනිස්ට් පක්ෂයට හිමි විය යුතු බව, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයා ප්‍රකාශ කරයි.

කොමියුනිස්ට් පක්ෂයේ පාලනය හරහා, චීනය ලබා ගත් දියුණුව ශ්‍රී ලංකාවට ද ඉතා හොඳ පූර්වාදර්ශයන් ද සපයයි. බොහෝ රටවල ප්‍රජාතන්ත්‍රවාදී ස්වරූපයෙන් පවතින්නේ ප්‍රභූතන්ත්‍රවාදය සහ කතපයාධිකාරී පාලනයන් බවත්, ඒ හරහා ප්‍රජාතන්ත්‍රවාදය අවභාවිත වී ඇති බව ද ඔහු පවසයි. රට වෙනුවෙන් ක්‍රියාත්මක කරන ප්‍රතිපත්ති සහ ඒවායෙහි පැවැත්ම කෙරෙහි සිදු කරන දේශපාලනික කැපවීම ඉතා වැදගත් බවත්, එය චීන කොමියුනිස්ට් පක්ෂය නිවැරදි ලෙස ක්‍රියාත්මක කිරීම තුළින් චීනය ප්‍රබල ආර්ථික සහ දේශපාලනික ඉලක්කයක් කරා ළගා වී ඇත. එය සමස්ත ලෝක ප්‍රජාවටම ආදර්ශයන් සපයන බව ද ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ශාන්ත ගම්ලත් මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.

ගුවන් විදුලිය
20240329සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම