තම රටේ උද්ධමනය අඛණ්ඩව උග්‍ර වනු ඇතැයි ඇමරිකානුවන් 65%කට වැඩි පිරිසකගේ විශ්වාසයයි
2022-06-10 10:18:07
Share with:

ලබන වසරේ ඇමරිකාවේ උද්ධමනය අඛණ්ඩව උග්‍ර වනු  ඇතැයි නවතම ජනමත විමසුමකට එක්වූවන්ගෙන්  66%ක පිරිසක් විශ්වාස කරති.

ඇමරිකාවේ පෙට්‍රල් සාමාන්‍ය මිල ඉහළ ම මට්ටමට ළඟා වී ඇත. එමෙන් ම පසුගිය මැයි මස අන්තර්ජාල වේදිකාවේ ආහාර හා සිල්ලර බඩු මිල පසුගිය වසරේ මැයි මස අගයට වඩා 11.7%කින් වැඩි වී තිබේ. 

Washiongton Post පුවත්පත ඊයේ(9) පළ කළ ජනමත විමසුමක ප්‍රතිඵල අනුව, ඊට එක් වූවන්ගෙන් 66%ක් පවසා ඇත්තේ ලබන වසරේ උද්ධමනය අඛණ්ඩව උග්‍ර වනු ඇති බවයි. උද්ධමනය සමාන තත්ත්වයක පවතින බව, 12% කගේ විශ්වාසයයි. ඒ අතරින් 21%ක පමණ පිරිසක් විශ්වාස කරන්නේ පවතින තත්ත්වය යහපත් වනු ඇති බවයි.

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම