රුසියාවට එරෙහි බටහිර රටවල තහංචි එම රටවල් තමන්ටම කරගන්නා හානියක් බව රුසියානු ජනපති කියයි‍
2022-06-10 10:50:55
Share with:

රුසියාවට එරෙහි බටහිර රටවල තහංචි, එම රටවල් තමන්ටම කරගන්නා විනාශයක් බව රුසියානු ජනාධිපතිවරයා පවසයි‍.

ගෝලීය බලශක්ති මිල ඉහළ යාම සහ උද්ධමනය යනාදී ගැටළු සම්බන්ධයෙන් රුසියාවට දොස් පැවරීමට මෑතකදී ඇමරිකාව ඇතුළු ඇතැම් බටහිර රටවල් උත්සාහ කරමින් සිටී‍. ඒ පිළිබඳව රුසියානු ජනාධිපති ව්ලැඩ්මීර් පුටින් මහතා ඊයේ (9) පැවසුවේ එම ගැටළු උද්ගත වූයේ එම රටවල් විසින්ම නිර්මාණය කර ගැනුණු හේතුවලින් බවයි.

මේ අතර, යුරෝපා සංගමයේ නව සම්බාධක පිළිබඳව ද, රුසියාව අනතුරු අඟවා තිබේ. තම රටට එරෙහි තෙල් තහනම ඇතුළු සම්බාධක ඔවුන්ට ස්වයං විනාශයක් හා සමාන වන බව ද රුසියානු විදේශ අමාත්‍යංශය පවසා ඇත.


 

ගුවන් විදුලිය
20240418බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම