වී මෙට්‍රික් ටොන් 43 000 ක් සහල් කර වෙළෙඳපොළට නිකුත් කෙරේ
2022-06-10 15:03:34
Share with:

වී මෙට්‍රික් ටොන් 43 දහසක් සහල් වශයෙන් සකස් කර වෙළෙඳපොළට නිකුත් කරන්නැයි ඇමති මහින්ද අමරවීර මහතා වී අලෙවි මණ්ඩලයට උපදෙස් දෙයි. වෙළෙඳපොළේ පවතින සහල් හිඟය හා මිල මට්ටමක ඉහළ යාම හේතුවෙන් ඇමතිවරයා එම තීරණය ගෙන තිබේ.

වර්තමානයේ දී ඇතැම් සහල් වර්ගවල කිලෝවක් රුපියල් 230 ත් 270 ත් අතර මුදලකට අලෙවි වුවද, වී අලෙවි මණ්ඩලය සපයන සහල්වල තොග හා සිල්ලර මිල ඊට වඩා අඩු මට්ටමක පවතිනු ඇත.

මේ අතර, ඉදිරි මාස 6 කට ප්‍රමාණවත් වී සංචිත වී අලෙවි මණ්ඩලය සතුව පවතින බව එහි සභාපති නීල් ද අල්විස් මහතා පවසයි. වී මෙට්‍රික්ටොන් 71000 ක් පමණ ගබඩාවල පවතින බව ද ඔහු කියාසිටී.

ගුවන් විදුලිය
20240329සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම