ලෝකයේ ජෛව මිලිටරි ක්‍රියාකාරකම් වැඩියෙන්ම සිදුකරන රට ඇමරිකාව බව චීනය පවසයි
2022-06-10 17:42:45
Share with:

ඇමරිකාව මෑතකදී කරුණු දැක්වීමක දී පැවසුවේ, තම රට යුක්රේනය ඇතුළු රටවල මහා විනාශකාරී ආයුධ අඩු කිරීමට උදව් කරන බවයි.

මේ පිළිබඳ අදහස් දක්වමින් චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශක Zhao Lijian මහතා සඳහන් කළේ, ලෝකයේ ජෛව මිලිටරි ක්‍රියාකාරකම් සිදුකිරීම අතින ඉහළින්ම සිටින රට ඇමරිකාව බවයි. එසේම ජීව විද්‍යාත්මක අවි සම්මුතිය සඳහා සත්‍යාපන යාන්ත්‍රණයක් පිහිටුවීමට එරෙහි වන එකම රට වන්නේ ද ඇමරිකාවයි.

ඇමරිකාව යුක්රේනය පිළිබඳ ගිවිසුමට එරෙහි වීමට පෙර, වගකීම් සහගත ආකල්පයකින්, තමන්ගේ ම ගිවිසුමට අනුකූල වීම පිළිබඳව නිශ්චිත ව පැහැදිලි කළ යුතු ය. එසේම ජීව විද්‍යාත්මක අවි සම්මුතිය සඳහා සත්‍යාපන යාන්ත්‍රණයක් පිහිටුවීමට එරෙහි නොවන ලෙස  චීනය ඇමරිකාවෙන් ඉල්ලා සිටී.

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම