බැසිල් රාජපක්ෂ මහතා මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වෙයි
2022-06-09 18:42:05
Share with:

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වෙයි. සිය ඉල්ලා අස්වීමේ ලිපිය ඔහු පාර්ලිමේන්තු මහලේකම්වරයා වෙත භාර දී තිබේ.

ඉන් අනතුරුව පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් බැසිල් රාජපක්ෂ මහතා පැවසුවේ, තමා රාජ්‍ය පාලන කටයුතුවලින් මුළුමනින්ම ඉවත් වන බවයි. එහෙත් තවදුරටත් දේශපාලන ක්ෂේත්‍රයේ රැඳී සිටින බව ද ඔහු පැවසීය.

පොදුජන පෙරමුණ තමා වෙනුවට වෙනත් සුදුසු පුද්ගලයෙකු පාර්ලිමේන්තුවට පත්කරනු ඇතැයි ද රාජපක්ෂ මහතා කියා සිටියේය.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම