චීනයේ විදේශ වෙළඳ ආනයන හා අපනයන වටිනාකම ඉහළට
2022-06-09 16:40:21
Share with:

ගෙවී ගිය මාස 5 තුළ චීන විදේශ වෙළඳ ආනයන හා අපනයන වටිනාකම පසුගිය වසරේ අගයට වඩා  8.3% කින් වර්ධනය වී තිබේ.

චීන රේගු මහ පරිපාලනය අද (9) නිකුත් කළ නිවේදනයට අනුව, මේ වසරේ ඉකුත් මාස 5 තුළ, චීන විදේශ වෙළඳ ආනයන හා අපනයන වටිනාකම චීන යුවාන් ට්‍රිලියන 16.04 කි.  

රේගු මහ පරිපාලන සංඛ්‍යාලේඛන විශ්ලේෂණ අංශයේ අධ්‍යක්ෂ Li Wenkui මහතා පැවසුවේ, වඩාත් අසීරු තත්ත්වයන්ට මුහුණ දෙමින් සිටින අවස්ථාවක පවා චීනයේ විදේශ වෙළඳ ආනයන හා අපනයන ස්ථීර ලෙස වර්ධනය වී ඇති බවයි. 

ආර්ථිකය ස්ථාවර කිරීමේ ප්‍රතිපත්ති ක්‍රියාවට නැංවීමෙන් පසු, විදේශ වෙළඳාම හා භාණ්ඩ ප්‍රවාහනය තවදුරටත් පහසු වීමත්, නිෂ්පාදන යළි යථා තත්ත්වයට පත්වීමත් සමග චීන වෙළඳ ආනයන‍ හා අපනයන අඛණ්ඩව ස්ථීර වර්ධනයක් සාක්ෂාත් කරනු ඇතැයි  Li Wenkui මහතා පැවසීය.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම