චීනයේ තිරිඟු අස්වනු නෙළීම වේගවත්ව
2022-06-09 12:26:29
Share with:


චීනයේ ගිම්හාන කාලීන ධාන්‍ය  නිපදවන ප්‍රධාන ප්‍රදේශවල තිරිඟු වගාවේ 60% කට ආසන්න ප්‍රමාණයක අස්වනු නෙළීම සිදු වෙයි.  

වර්තමානයේ, චීනයේ හරස් කලාපීය යාන්ත්‍රික අස්වනු නෙළීම සාර්ථකව සිදු වෙමින් පවතී. කෘෂිකාර්මික උපකරණ වැඩිදියුණු වීම හේතුවෙන්, මෙම වසරේ තිරිඟු අස්වැන්නෙහි ගුණාත්මකභාවය සහ කාර්යක්ෂමතාව වැඩිදියුණු කර ඇත.

මේ වන විට, චීනය පුරා හෙක්ටාර් මිලියන 12 ක තිරිඟු අස්වැන්නක් ලබාගෙන ඇත. අඛණ්ඩව දින 9 ක, දෛනික යාන්ත්‍රික අස්වනු නෙළී‍මේ වපසරිය හෙක්ටාර් ලක්ෂ 6.6 ක් ඉක්මවා ඇත.

රට පුරා තිරිඟු අස්වැන්නේ ප්‍රගතිය පසුගිය වසරේ සමාන කාලයට වඩා 5.1% කින් වේගවත් වන බව චීනයේ කෘෂිකර්ම හා ග්‍රාමීය කටයුතු අමාත්‍යංශය ඊයේ (8) ප්‍රකාශ කළේය. 


ගුවන් විදුලිය
20240416අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම