ලෝක ආර්ථිකයට චීනයට ගෙන දිය හැකි ශක්තිය ඉතා විශාලයි
2022-06-09 15:35:29
Share with:

වත්මන් ගෝලීය අභියෝගයන් හිදී චීනයේ භුමිකාව ඉතා වැදගත් බව චීන ශ්‍රී ලංකා වාණිජ මිත්‍රත්ව මණ්ඩල විධායක සභික වසන්ත වරුසප්පෙරුම මහතා පවසයි. කොවිඩ් වසංගතයත්, රුසියා යුක්‍රේන ගැටුමත් හේතුවෙන් ලෝකය අවිනිශ්චිත ස්වභාවයකට පත්ව ඇත. ලොවට නව ජවයක් ලබා දීමේ දී චීනයේ කාර්යභාරය සුවිශේෂී බව හෙතෙම කියා සිටී. දැවැන්ත ආර්ථික ශක්තියකට හිමිකම් කියන චීනයට ලෝක ආර්ථිකයට නව බලයක් ගෙන ඒමට හැකිවනු ඇතැයි අපේක්ෂා කරන බව ද වරුසප්පෙරුම මහතා සඳහන් කරයි. පශ්චාත් කොරොනා වසංගත සමයේ දී ලෝකයට එවන් දායකත්වයක් ලබා දිය හැකි එකම ආර්ථිකය චීන ආර්ථිකය බවට තමා විශ්වාස කරන්නේ යැයි ද හෙතෙම කියා සිටී. ඊට බලපාන සාධක 2ක් ඇත. චීනය ලෝක කර්මාන්ත දාමයේ තීරණාත්මක කේන්ද්‍රයකි. එමෙන්ම ‍විශාල දේශීය වෙළඳපොලක් සතුවීම නිසා ලොව අපනයන සඳහාද ශක්තිමත් ගමනාන්තයකි. මූලික ආර්ථික සාධකයන් සැලකීමේ දී ආනයන හා අපනයන යන අංශ දෙකේම බලයක් චීනය සතු බැවින් ලෝක ආර්ථිකයට එය විශාල ආශිර්වාදයක් ලෙසට තමා දකින බවද වසන්ත වරුසප්පෙරුම මහතා කියා සිටී.


ගුවන් විදුලිය
20240329සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම