චීනය හා ජෝර්ජියාව අතර රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතාවයේ 30වැනි සංවත්සරයට නිමිත්තෙන් දෙරටේ ජනපතිවරු සුබ පැතුම් පණිවුඩ හුවමාරු කරගනිති
2022-06-09 18:43:09
Share with:

චීනය හා ජෝර්ජියාව අතර රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතාවයේ 30වැනි සංවත්සරය නිමිත්තෙන්, චීන ජනාධිපති ෂී ජින් පිං මහතා හා ජෝර්ජියාවේ ජනාධිපතිනි Salome Zurabishvili මහත්මිය සුබ පැතුම් පණිවුඩ හුවමාරු කරගනිති.  පණිවුඩ හුවමාරුව අද(9) සිදුකෙරිණ.

චීනය හා ජෝර්ජියාව සාම්ප්‍රදායික මිත්‍ර සමුපකාර හවුල්කරුවන් වන බවත්, දෙරට අතර සම්බන්ධතා සංවර්ධනය කෙරෙහි තමා ඉහළ අවධානය යොමු කරන බවත් ෂී ජින් පිං මහතා තම  සුබ පැතුම් පණිවුඩයෙන් පෙන්වා දුන්නේය. ජනාධිපතිනි Salome Zurabishvili මහත්මිය සමඟ එක්ව, දෙරට අතර රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතාව ස්ථාපිත කිරීමේ 30වැනි සංවත්සරය අවස්ථාවක් කර ගනිමින්, දෙරට අතර ද්විපාර්ශ්වික සහයෝගිතා තුළින් විවිධ ක්ෂේත්‍රවල වැඩි ප්‍රතිඵල ලබා ගැනීමට තමා කැමැත්තෙන් සිටින බව, චීන ජනාධිපතිවරයා එහි සඳහන් කළේ ය.

ජෝර්ජියාව හා චීනය අතර මිත්‍ර සම්බන්ධතා සංවර්ධනය කිරීමට ජෝර්ජියා පාර්ශ්වය ක්‍රියාකාරීව කැපවී සිටින අතරම, දෙපාර්ශ්වය අතර වාසිදායක සහයෝගිතා පුළුල් කිරීම සඳහා චීනය සමඟ එක්ව ප්‍රයත්න දරන බව ද, Salome Zurabishvili මහත්මිය තම සුබ පැතුම් පණිවුඩයෙන් පවසා තිබේ.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම