"වඩාත් සුන්දර ලොවක පදනම සියලු රටවල අන්‍යොන්‍ය සහයෝගයයි” චීන ජනපති දකුණු අප්‍රිකානු තරුණ නිලධාරීන්ට දන්වයි
2022-06-09 20:06:09
Share with:

ටැන්සානියාවේ Julius Nyerere නායකත්ව ආයතනයේ දකුණු අප්‍රිකාවේ සහෝදර පක්ෂ හයේ වැඩමුළුවකට එක්වූ තරුණ නිලධාරීන් වෙත චීන ජනාධිපති ෂී ජින් පිං මහතා ඊයේ (08) පිළිතුරු ලිපියක් යොමු කළේ ය.

පසුගිය දා Julius Nyerere නායකත්ව ආයතනය “ නව යුගයේ නව සංවර්ධනය- චීන කොමියුනිස්ට් පක්ෂය හා දකුණු අප්‍රිකාවේ සහෝදර පක්ෂ 6 අතර ඇති සම්බන්ධතා හා හුවමාරු ” යන තේමාවෙන් වැඩමුළුවක් සංවිධාන කර ඇත. ඊට එක් වූ තරුණ නිලධාරීන් 120 දෙනකු චීන ජනාධිපතිවරයාට ලිපියක් යොමු කරමින් චීන-අප්‍රිකානු මිත්‍රත්වය හා සහයෝගිතා වඩාත් ශක්තිමත් කිරීමේ අධිෂ්ඨානය පළ කර තිබේ.

යුගයේ ප්‍රගතිශීලි බලවේගයක් නිර්මාණය කිරීම Julius Nyerere නායකත්ව ආයතනයේ අභිප්‍රාය බවත්, වඩාත් සුන්දර ලොවක් ගොඩනැගීම සඳහා විවිධ රටවල හුවමාරු අවශ්‍ය වන බවත්, ෂී ජින් පිං ජනාධිපතිවරයා සිය පිළිතුරු ලිපියේ සඳහන් කරයි. චීනය හා අප්‍රිකාව පොදු ඉරණමක් සහිත හවුලකි. චීන-අප්‍රිකානු මිත්‍රත්වය දිගුකාලීන ව පවත්වාගෙන යාමේ කර්තව්‍යය තරුණ පරපුරට පැවරෙන බව හෙතෙම කියා සිටී. චීන-අප්‍රිකානු මිත්‍රත්වය වෙනුවෙන් වඩාත් ක්‍රියාශීලිව කටයුතු කරන ලෙස චීන ජනාධිපතිවරයා එම තරුණ නිලධාරීන්ගෙන් ඉල්ලීමක් කර ඇත.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම