චීනයේ දියුණුවෙන් සෙසු රටවලට වඩාත් වැ‍ඩි අවස්ථා - මහාචාර්ය එම්.තිලකසිරි
2022-06-09 15:26:03
Share with:

චීනයේ දියුණුව සෙසු රටවලට වඩාත් වැ‍ඩි අවස්ථා ‍ගෙන එන බව මහාචාර්ය  එම්. තිලකසිරි මහතා පවසයි.

කොවිඩ් වසංගතය, යුක්‍රේන රුසියා  ගැටුම, ලෝකයේ භාණ්ඩ හා සේවා මිල ඉහලයාම වැනි අර්බුදය හමුවේ වුවද චීනය ආර්ථික වර්ධනයක් පෙන්නුම් කරයි. එය ලෝක ආර්ථික තත්ත්වයට ද ධනාත්මක බලපෑමක් කරමින් සිටී. චීනය තවමත් සංවර්ධනය වෙමින් පවතින රටකි. කෙසේ වෙතත් ලෝකයේ දෙවන විශාලතම ආර්ථිකය‍ට චීනය හිමිකම් කියයි. ලෝක දළ ජාතික නිශ්පාදිතයෙන් 19.3%ක් චීනය නිපදවයි. අපනයනද වාර්ෂිකව 16% කින් ඉහළ යන බවක් දක්නට තිබේ. මෙම කරුණු පදනම් කරගෙන චීනයේ මෙම සංවර්ධන තත්වය අනෙකුත් ආර්ථික තත්වයන්ට බලපාන ආකාරයද විමසා බැලිය යුතු බව මහාචාර්ය  එම්. ලකසිරි මහතා කියා සිටී.  ආකර්ශණීය විදේශීය සෘජු ආයෝජන චීනය තුළ දැකිය හැකිය. ලෝක කර්මාන්ත ශාලාව වන්නේ ද චීනයයි. චීනයේ දියුණුව නිසා සෙසු රටවලට වඩා ආයෝජන අවස්ථා වැඩිවී ඇත. චීනයේ ආර්ථික දියුණුව වැඩිවෙත්ම ලෝක වෙළඳාමට, ලෝක ණයවලට, ඩොලරයේ වටිනාකමට විශාල බලපෑමක් ඇති කරන බව මහාචාර්ය  එම්.තිලකසිරි මහතාගේ අදහසයි. එක් තීරයක් එක් මාවතක් සංකල්පය යටතේ වෙනත් රටවලට ආධාර කිරීමට කටයුතු කිරීමේ දී වෙනත් රටවල් සමග චීනය සම්බන්ධතා පවත්වාගෙන යාමට කටයුතු කරයි. මේ ආකාරයට සම්බන්ධතාව පවත්වාගැනීම පිළිබද ඇමරිකාව, ඉන්දියාව වැනි රටවල් එතරම් කැමැත්තක් නැති බව පෙනී යයි.

චීනය සමාජවාදී රටකි. සමාජය හැසිරවීමේදී සමාජවාදී මූලධර්ම නීතිරීති පදනම් කරගෙන පවත්වාගෙන යාම සිදුවෙයි. චීන කොමියුනිස්ට් පක්ෂයේ නායකකත්වයෙන් රටේ විනය පවත්වාගෙන යයි. එහෙත් ආර්ථිකය මෙහෙයවනු ලබන්නේ විවෘත අර්ථ ක්‍රමය යටතේය. ආයෝජකයන්ට අඩු මුදලට ශ්‍රමය ලබාගැනීම, සමාජ විනය යහපත් වීම, ව්‍යාපාරික පරිසරයක් ගොඩනැගීම, බදුසහන ලබාදීම, විදේශ මුදල් තරගකාරී ලෙස භාවිත කිරීමේ හැකියාව වැනි මනා කළමනාකරණයත් උපාය මාර්ග භාවිතයත් හේතුවෙන් චීන ආර්ථිකය වර්ධනය  වී තිබේ. සෑම පුද්ගලයෙකුටම ජීවත්වීමේ ආදායම් තත්වය ඉහළ මට්ටමක පවත්වා‌ගෙන යාමට චීනය ක්‍රියාකරන බවද මහාචාර්ය එම්. තිලකසිරි මහතා පෙන්වාදෙයි. සෑම අයෙකුම කැපවීමෙන් කටයුතු කරයි. එමෙන්ම චීනයේ තායිවානය, හොංකොං හා එරටට අයත් සෙසු ප්‍රදේශ ද සමාජවාදී මූලධර්ම වලින් පාලනය කරමින් තිබුණද සංවර්ධන කටයුතු එක් රටක් ක්‍රම දෙකක් තේමාව ඔස්සේ සිදු කෙරේ. එබැවින් චීනය ශක්තිමත් වී සිටින බවද හෙතෙම සඳහන් කරයි.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම