චීන-කසක්ස්ථාන සබඳතාවල වැදගත්කම චීන විදේශ ඇමතිවරයා පෙන්වා දෙයි
2022-06-08 09:54:36
Share with:

චීන රාජ්‍ය මණ්ඩල සාමාජික සහ විදේශ අමාත්‍ය Wang Yi මහතා, කසක්ස්ථාන නියෝජ්‍ය අග්‍රාමාත්‍ය සහ විදේශ අමාත්‍ය Mukhtar Tileuberdi මහතා සමග Nur-Sultan හිදී මාධ්‍ය හමුවකට එක් විය.

දෙරට මිත්‍රශීලි අසල්වැසිභාවය, අන්‍යෝන්‍ය ගෞරවය, සමානාත්මතාවය සහ අන්‍යෝන්‍ය විශ්වාසය, අන්‍යෝන්‍ය ප්‍රතිලාභ සහ පොදු ජයග්‍රහණ යන මූලධර්මවලට අඛණ්ඩව අනුගත වී ප්‍රායෝගික සහයෝගීතාව ගැඹුරු කිරීමටත්, සාම්ප්‍රදායික මිත්‍රත්වය අඛණ්ඩව පවත්වා ගැනීමටත්, චීන-කසක්ස්ථාන සබඳතාවල ඉදිරි ස්වර්ණමය වසර 30 ගොඩනඟා ගැනීමටත් කටයුතු  කළ යුතු බව Wang Yi මහතා ප්‍රකාශ කළේය. දෙපාර්ශ්වය "නොසැලෙන කරුණු" හතරක් සාක්ෂාත් කරගත යුතු බව Wang Yi මහතා අවධාරණය කළේය. පළමුවැන්න උපායමාර්ගික අන්‍යෝන්‍ය විශ්වාසය නොසැලී වැඩි දියුණු කිරීමයි. දෙවැන්න අන්‍යෝන්‍ය වශයෙන් වාසිදායක සහයෝගිතාව නොසැලී ක්‍රියාත්මක කිරීමයි. තුන්වැන්න චීන-කසක්ස්ථාන මිත්‍රත්වය පරම්පරාවෙන් පරම්පරාවට නොසැලී ඉදිරියට ගෙන යාමයි. හතරවනුව, ජාත්‍යන්තර සාධාරණත්වය සහ යුක්තිය නොසැලී ආරක්ෂා කිරීමයි.‍

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම