චීනය හා දකුණු ආසියානු රටවල් අතර ඇත්තේ මිත්‍රශීලී මෙන්ම සංවර්ධන හවුල්කාරී සබඳතාවක් බව චීනය කියයි
2022-06-08 19:55:24
Share with:

චීනය හා දකුණු ආසියානු රටවල් අතර ඇත්තේ මිත්‍රශීලී මෙන්ම සංවර්ධන හවුල්කාරී සබඳතාවක් බව චීනය පවසයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පසුගිය 6 වනදා පැවති සම්මුඛ සාකච්ඡාවක දී පවසා තිබුණේ, මේවනවිට චීනයේ උපාය මාර්ගික අවධානය, දකුණු ආසියානු කලාපය අභිභවා අග්නිදිග ආසියාව හා අප්‍රිකාව වෙත යොමු වී ඇති බවක් දැකිය හැකි බවයි. 

මේ සම්බන්ධයෙන් චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශක Zhao Lijian මහතා අද(8) පැවති මාධ්‍ය හමුවකදී පැවසුවේ චීනය මුල සිට ම  ශ්‍රී ලංකාව මුහුණ පා සිටින අසීරුතා හා අභියෝග කෙරෙහි සියුම් අවධානයක් යොමු කරන බවයි. චීනය අඛණ්ඩව ශ්‍රී ලංකා ආර්ථික හා සමාජ වර්ධනය වෙනුවෙන් උපරිම සහය ලබා දී ඇත.  ශ්‍රී ලංකාවට සැපයෙන චීන යුවාන් මිලියන 500ක වටිනාකමකින් යුත් හදිසි මානුෂවාදී සහනාධාර අතරින් ප්‍රථම ඖෂධ තොගය මේ වනවිට එහි ළඟා වී ඇති බවත්,  ප්‍රථම සහල් තොගය ද යොමු කර ඇති බවත්  Zhao Lijian මහතා පැවසීය.

මිත්‍රශීලි සංවිධාන ඇතුළු බොහෝ මාර්ග ඔස්සේ ශ්‍රී ලංකාවේ විවිධ ක්ෂේත්‍රවලට  සහනාධාර විශාල ප්‍රමාණයක් චීනය සපයා තිබේ. අදාළ රටවල්, ජාත්‍යන්තර සංවිධාන හා මූල්‍ය ආයතන සමග ශ්‍රී ලංකාවේ වත්මන් අර්බුදයට ප්‍රතිචාර දැක්වීම, ණය බර ලිහිල් කිරීම හා තිරසර සංවර්ධනය වෙනුවෙන් සක්‍රිය දායකත්වය දැක්වීමට චීනය කැමැත්තෙන් සිටී.

චීනය හා දකුණු ආසියානු රටවල්, සමාන අනාගතයක් බෙදා ගන්නා පොදු ඉරණමක් සහිත ඒකකයකි. භූමි කම්පා හා සුනාමි ඇතුළු ස්වාභාවික ආපදා මෙන්ම මූල්‍ය අර්බුදය සහ කොවිඩ් වසංගතය ඇතුළු ගෝලීය අභියෝගවලට මුහුණ දීමේදී චීනය අඛණ්ඩව ස්ථිර ලෙස දකුණු ආසියානු රටවල් සමග එක්ව සිටින බව Zhao Lijian මහතා අවධාරණය කළේය.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම