ප්‍රවාහන සහ සැපයුම් සේවා තහවුරු කරමින් චීන ආර්ථිකය තවදුරටත් ස්ථාවර කෙරේ
2022-06-08 16:33:12
Share with:

වෙළඳ ආයතනවල ක්‍රියාකාරිත්වය සහතික කරමින් ආර්ථිකය ස්ථාවර කිරීම සඳහා ප්‍රවාහන සහ සැපයුම් සේවාවන්හි  කාර්යක්ෂමතාව තවදුරටත් නංවන බව චීන අගමැති ලී කච්‍යං මහතා අවධාරණය කරයි.

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශයේ ස්ථාවර කමිටු සාමාජික ලී කච්‍යං මහතා, ඉකුත් 6 වැනිදා ප්‍රවාහන අමාත්‍යාංශයේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය. අධිවේගී මාර්ග ගමනාගමනය, වරාය සහ ගුවන් තොටුපළවල භාණ්ඩ බෙදාහැරීමේ තත්ත්වය වීඩියෝ ආකාරයෙන් පරීක්‍ෂා කළ අග්‍රාමාත්‍යවරයා වසංගතය පාලන ක්‍රමවේද යටතේ, වරායවල ඇති බහාලුම් කඩිනමින් ඉවත් කර ගැනීමේ අවශ්‍යතාව  අවධාරණය කළේය.

රේගු නිෂ්කාෂණයේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීමට තවදුරටත් පියවර ගන්නා බව ද හෙතෙම පැවසීය. 

 තිරිඟු ගොවීන් සමඟ වීඩියෝ මගින් කතා කළ අගමැතිවරයා ගොවිපළ සේවා වැඩිදියුණු කිරීම සහ වෙළඳපළ සැපයුම හා මිල ස්ථාවර කිරීමේ අවශ්‍යතාව අවධාරණය කළේය.

 සිවිල් ගුවන් සේවා සහ දුම්රිය ඇතුළු රටේ සමස්ත භාණ්ඩ ප්‍රවාහන සේවාවන්හි ධනාත්මක වර්ධනයක් තහවුරු කරන ලෙස ද අගමැති ලී කච්‍යං මහතා පළාත් පාලන බලධාරීන්ගෙන් ඉල්ලා සිටියේය.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම