ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ශ්‍රී ලංකාවට යහපත් ප්‍රතිචාර
2022-06-08 17:07:53
Share with:

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අධ්‍යක්ෂ ක්‍රිස්ටලිනා ජෝර්ජිවා මහත්මිය සමග ඊයේ (7) පැවැත්වූ දුරකථන සංවාදයේදී  ශ්‍රී ලංකාවට සහය වීම සම්බන්ධයෙන්  ඇය යහපත් ප්‍රතිචාර දැක්වූ  බව අග්‍රාමාත්‍යවරයා පවසයි. අදාළ නියෝජිතයන් නුදුරේදීම මෙරටට පැමිණෙනු ඇතැයි ද අධ්‍යක්ෂවරිය පවසා ඇත. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ බව ප්‍රකාශ කළේ, විසර්ජන පනත් කෙටුම්පත පිළිබඳ විවාදයට අද (8)  එක්වෙමිනි.

පවතින අර්බුදය විසඳාගැනීමට  අලුත් භාවිතයන් යොදා ගත යුතුය. ගල්අගුරු හා ඉන්ධන ලබා ගැනීම දැඩි අභියෝගයක් ව පවතී. ඉන්දියාව ලබාදෙන ණය දීර්ඝ කර ගැනීම සඳහා ද සාකච්ඡා පවත්වන බව අගමැතිවරයා පාර්ලිමේන්තුවේ දී කියා සිටියේ ය.

 

ගුවන් විදුලිය
20240418බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම