ලෝක බැංකුව 2022 ගෝලීය ආර්ථික වර්ධන පුරෝකථනය අඩු කරයි
2022-06-08 10:25:50
Share with:

මේ වසරේ ගෝලීය ආර්ථික වර්ධන අනුපාතය 2.9% ක් පමණ වනු ඇති බව ලෝක බැංකුවේ නවතම ගෝලීය ආර්ථික ඉදිරි දැක්ම වාර්තාව පෙන්වා දෙයි.

පසුගිය වසරේ 5.7% ක වර්ධන වේගය, ඉකුත් ජනවාරි මස ලෝක බැංකුව පුරෝකථනය කරන ලද 4.1% මෙන්ම අප්‍රේල් මස පුරෝකථනය කළ 3.2% සාපේක්ෂව, එම සංඛ්‍යාව අඛණ්ඩව පහත වැටී ඇත.

2023 සහ 2024 දී එම වර්ධනය 3% ක මට්ටමක පවතිනු ඇතැයි ලෝක බැංකුව පවසා ඇත. ඉදිරි වසරවල ආර්ථිකය මන්දගාමී වර්ධනයක් සහ ඉහළ උද්ධමනයක් ඇති දිගු කාල පරිච්ඡේදයකට පිවිසෙනු ඇත.

වසංගතය සහ යුද්ධය හේතුවෙන්, මේ වසරේ සංවර්ධනය වෙමින් පවතින ආර්ථිකයන්හි ඒක පුද්ගල ආදායම, පූර්ව වසංගත කාලයේ  මට්ටමට වඩා 5% කට ආසන්න අගයකින් අඩු වනු ඇති බව ද එම වාර්තාව සඳහන් කරයි.


ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම