චීන විදේශ වෙළඳාමේ ස්ථාවරත්වය සහතික කරමින් ගුණත්මකභාවය වැඩිදියුණු කිරීම ප්‍රවර්ධනය කිරීම සඳහා ක්‍රියාමාර්ග මාලාවක්
2022-06-08 15:28:56
Share with:

චීන විදේශ වෙළඳාමේ ස්ථාවරත්වය සහතික කරමින් ගුණත්මකභාවය වැඩිදියුණු කිරීම ප්‍රවර්ධනය කිරීම සඳහා ක්‍රියාමාර්ග මාලාවක් ගන්නා බව චීන වාණිජ අමාත්‍යංශය පවසයි.

චීන වාණිජ අමාත්‍යංශය අද (8) රාජ්‍ය මණ්ඩල ප්‍රවෘත්ති කාර්යාලයේ පැවති සමුළුවකදී මේ බව හෙළි කළේය.

නව විදේශ වෙළඳ ස්ථායීකරණ ප්‍රතිපත්තියෙන් ඉලක්කගත සහ කාලෝචිත බව ඉස්මතු කෙරෙන අතර විදේශ වෙළඳ සංවර්ධනයේ දැනට පවතින දුෂ්කරතාවලට මුහුණ දෙමින්, ක්ෂේත්‍ර 4ක නිශ්චිත ක්‍රියාමාර්ග 13 ක් ඉදිරිපත් කර තිබෙන බව වාණිජ උප අමාත්‍ය සහ ජාත්‍යන්තර වෙළඳ සාකච්ඡා නියෝජ්‍ය නියෝජිත වැන්ග් ෂෝවෙන් මහතා එහිදී පැවසීය.

විදේශ වෙළඳාමේ සුමට ප්‍රවාහය ප්‍රවර්ධනය කිරීම, භාණ්ඩාගාරය, බදුකරණය සහ මූල්‍ය ආධාර වැඩි කිරීම, ඇණවුම් අත්පත් කර ගැනීමට සහ වෙළඳපල පුළුල් කිරීමට විදේශීය වෙළඳ ව්‍යවසායන්ට උපකාර කිරීම, සහ විදේශ වෙළඳ කාර්මික දාමය හා සැපයුම් දාමය ස්ථාවර කිරීම ඊට ඇතුළත් වේ.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම