ඇමරිකාවේ සත්කාරකත්වයෙන් පැවති ‘ඇමරිකානු මහාද්වීප සමුළුව’ට විදෙස් මාධ්‍යවලින් චෝදනා
2022-06-08 15:51:34
Share with:

ඇමරිකාවේ සත්කාරකත්වයෙන් පැවති ‘ඇමරිකානු මහාද්වීප සමුළුව ’ට විදෙස් මාධ්‍ය චෝදනා නගයි.

එම සමුළුව පසුගිය 6වැනි දා Los Angeles හිදී පැවැත්විණ. ඇමරිකානු මහාද්වීපයට අයත් කියුබාව, වෙනිසියුලාව හා නිකරගුවාව යන රටවල් තුනට, සමුළුවට එක් වන ලෙස ඇමරිකානු රජය ආරාධනා කර නොතිබිණ.

චිලි ජනරජයේ El Mostrador නමැති ප්‍රවෘත්ති වෙබ් අඩවිය පසුගිය 6වැනි දා ජර්මානු Deutsche Welle මාධ්‍ය සමූහයේ වාර්තා විකාශය කරමින් පෙන්වා දුන්නේ, ඇමරිකානු මහාද්වීප සමුළුව වෘත්තීමය නොවන ආකාරයෙන්, දැඩි අවුල් සහගත ලෙස සංවිධානය කර ඇති බවයි.  ‘ සමුළුවට ඇරයුම් කළ යුතු සහ නොකළ යුතු කුමන රටවලට ද’ යන්න මෙහිදී දැඩි මතභේදයකට ලක්විය. විශේෂයෙන් මෙම ක්‍රියාව ලතින් ඇමරිකානු රටවල දැඩි දෝෂ දර්ශනයට ලක් ව තිබේ.

බොලීවියානු ජනාධිපතිවරයා මෙම සමුළුවට එක්නොවන බව කියුබාවේ Prensa Latina ප්‍රවෘත්ති ඒජන්සිය 06වැනි දා වාර්තා කළේ ය. බොලීවියාවේ උප විදේශ අමාත්‍ය Freddy Mamani Machaca මහතා පවසන්නේ, ඇමරිකා මහාද්වීප සමුළුව, සමස්ත ඇමරිකානු මහාද්වීපයට අයත් රටවල සහභාගිත්වයෙන් පැවැත්විය යුතු සමුළුවක් බවයි. ඇමරිකාව නිර්මාණය කළ මෙම තත්ත්වය නිසා මෙම සමුළුවෙන් විදහා දැක්විය යුතු පුළුල් දේශපාලන දැක්ම විනාශ වී ඇති බව ද ඔහු පැවසීය.

ගුවන් විදුලිය
20240418බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම