ශ්‍රී ලංකාවේ ස්ථාවර ආර්ථික හා සමාජයීය සංවර්ධනය සඳහා ඵලදායී කාර්යභාරයක් ඉටු කිරීමට චීනයේ කැමැත්ත පළ වේ
2022-06-07 20:20:53
Share with:

චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශක Zhao Lijian මහතා ශ්‍රී ලංකා ණය අර්බුදය පිළිබඳ මාධ්‍යවේදීන්ට පිළිතුරු දෙයි. ඒ, අද(7) පැවති මාධ්‍ය හමුවක දීය.

ශ්‍රී ලංකාව දැනට මුහුණ දී සිටින දුෂ්කරතා සහ අභියෝග, චීනයට වටහා ගත හැකිය. ශ්‍රී ලංකාවේ ස්ථාවර ආර්ථික හා සාමජයීය සංවර්ධනය සඳහා ඵලදායී කාර්යභාරයක් ඉටු කිරීමට චීනය කැමැත්තෙන් සිටින බව Zhao Lijian මහතා පැවසීය.

නීතිමය වශයෙන් මතුව ඇති ණය ප්‍රශ්න සම්බන්ධයෙන් අදාළ මූල්‍ය ආයතන හා ශ්‍රී ලංකාව සමඟ සාකච්ඡා කර  එය නිසි ලෙස විසඳා ගැනීමට චීනය සහාය දෙන බව පැවසීය.

අදාළ රටවල් හා ජාත්‍යන්තර මූල්‍ය ආයතන සමඟ, ශ්‍රී ලංකාවේ ණය බර ලිහිල් කිරීම සඳහා අඛණ්ඩව කටයුතු කිරීමට ද චීනය කැමැත්තෙන් සිටින බව, Zhao Lijian මහතා එහිදී කියාසිටියේය.

එසේම විදේශ ආයෝජන සහ මූල්‍ය හවුල්කරුවන්ගේ නීත්‍යනුකූල අයිතිවාසිකම් සහ අවශ්‍යතා ආරක්ෂා කිරීමට මෙන්ම රටේ ආයෝජන සහ මූල්‍ය පරිසරයේ ස්ථාවරත්වය හා විශ්වසනීයත්වය ආරක්ෂා කිරීමට ද, ශ්‍රී ලංකාව උත්සාහ දරනු ඇතැයි, චීනය අපේක්ෂා කරන බව ද, Zhao Lijian මහතා එහිදී කියා සිටියේ ය.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම