ගැටුම් හේතුවෙන් කාන්තාවන්ට හා ළමුන්ට සිදුවන සියලු හානි වැළැක්විය හැක්කේ, සටන් විරාමය හා සාමය යළි ගොඩනැංවීමෙන් පමණක් බව චීනය කියයි
2022-06-07 10:40:01
Share with:

ගැටුම් හේතුවෙන් කාන්තාවන්ට හා ළමුන්ට සිදුවන සියලු හානි වැළැක්විය හැක්කේ, සටන් විරාමය හා සාමය යළි ගොඩනැංවීමෙන්  පමණක් බව චීනය පවසයි.

ඊයේ (6) එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ පැවති යුක්රේන ගැටුම පිළිබඳ සාකච්ඡාවක දී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ චීන ස්ථාවර උප නියෝජිත Dai Bing මහතා මේ බව ප්‍රකාශ කළේ ය. 

යුක්රේන අර්බුදය සාමාන්‍ය ජනතාවට දැඩි බලපෑම් එල්ල කර ඇති අතර, කාන්තාවන් සහ ළමුන්ගේ ආරක්ෂාව දරුණු අවදානමකට ලක් කර ඇති බව හෙතෙම සඳහන් කළේ ය. කාන්තාවන් සහ දැරියන්ට එරෙහි ලිංගික හිංසන හා මිනිස් ජාවාරම් ඇතුළු සියලු ආකාරයේ ප්‍රචණ්ඩත්වයන් වළක්වා සිවිල් ජනතාව ආරක්ෂා කිරීම සඳහා ගැටුම් ඇතිකරන පාර්ශ්ව පියවර ගත යුතු ය. අවි ආයුධ සැපයීමෙන් හා සම්බාධක පැනවීමෙන් සිදුවන්නේ ගැටුම් දිගුකාලීනව පවත්වා ගැනීම හා ව්‍යාප්ත වීම පමණක් බව ද හෙතෙම අවධාරණය කළේ ය.

ජාත්‍යන්තර සහ කලාපීය සාමය හා ආරක්ෂාවට මුල් තැන දෙන ලෙසත්, යුක්රේන අර්බුදය නිසි ආකාරයෙන් විසඳීම සඳහා ඵලදායී කාර්යභාරයක් ඉටුකරන ලෙසත් චීනය සියලු පාර්ශ්වයන්ගෙන් යළි ඉල්ලා සිටින බව Dai Bing මහතා පැවසීය.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම