අසාර්ථක ජනාධිපතිවරයෙකු ලෙස කිසිසේත් සිය ධුරය හැර නොයන බව ජනපති කියයි
2022-06-07 16:37:31
Share with:

අසාර්ථක ජනාධිපතිවරයෙකු ලෙස කිසිසේත් සිය ධුරය හැර නොයන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. ජනාධිපතිවරයා මේ අදහස් පළ කළේ, ඇමරිකානු බ්ලූම්බර්ග් ප්‍රවෘත්ති සේවාව සමඟ පැවති විශේෂ සාකච්ඡාවකට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා කියා සිටියේ, නැවත ජනාධිපති ධුරය සඳහා තරග කිරීමට තමාට කිසිදු අදහසක් නොමැති බවයි.

තමන්ට තනතුර හැර යන ලෙස දිගින් දිගට සිදුකෙරෙන ඉල්ලීම් හමුවේ වුවද, ඉදිරි වසර දෙකක කාලය තුළ තමන් ජනතාවට දුන් පොරොන්දු ඉෂ්ඨ කිරීමට කැපවන බවත්, මේ වන විට ශ්‍රී ලංකාව මුහුණ පා ඇති බරපතල ආර්ථික අර්බුදයට හේතු වූ මූල්‍ය ගැටලු නිරාකරණය කර ගැනීමට අවධානය යොමු කරන බවත් ජනාධිපතිවරයා  මෙහිදී ප්‍රකාශ කළේය.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම