බටහිර රටවල් අඛණ්ඩව යුක්රේනයට දිගුදුර ප්‍රහාරක ආයුධ ලබාදුනහොත් ඊට එරෙහිව පියවර ගන්නා බව රුසියාව කියයි
2022-06-07 14:29:27
Share with:

බටහිර රටවල් යුක්රේනයට දුරස්ථ ප්‍රහාරක ආයුධ අඛණ්ඩව ලබා දුනහොත් ඊට එරෙහිව පියවර ගන්නා බව  රුසියාව කියාසිටී.

රුසියානු විදේශ ඇමති Sergey Lavrov මහතා ඊයේ(6) මාර්ගගතව පැවති මාධ්‍ය හමුවකදී මේ බව පැවසීය. දිගු දුර ප්‍රහාර එල්ල කළ හැකි ආයුධ යුක්රේනයට සැපයීමට බටහිර රටවල් තීරණය කරන්නේ නම්, රුසියාව එම තර්ජනය ඉවත් කිරීමට පියවර ගනු ඇතැයි හෙතෙම එහිදී සඳහන් කළේය.

රුසියානු-යුක්රේන සාකච්ඡා පිළිබඳ සඳහන් කරමින් Sergey Lavrov මහතා පැවසුවේ, යුක්රේනය රුසියාව සමඟ සාකච්ඡා කිරීමට අකමැති බවයි. බටහිර ලෝක නායකත්වයේ කැමැත්ත මත යුක්රේනය ක්‍රියා කරන බව විශ්වාස කිරීමට රුසියාවට අවශ්‍ය තරම් හේතු පවතින බව ද ඔහු පැවසීය.

එසේම, රුසියානු විශේෂඥ පිරිසක් ඊයේ(6) තුර්කිය බලා පිටත්ව ගොස් ඇති අතර, තමා ප්‍රමුඛ නියෝජිත පිරිසක් අද(7) තුර්කියට යන බව ද Sergey Lavrov මහතා කියා සිටියේය. තුර්කි සංචාරය අතරතුර යුක්රේනයේ ආහාර අපනයනය පිළිබඳව ද සාකච්ඡා පවත්වන බව හෙතෙම සඳහන් කළේය.

ගුවන් විදුලිය
20240329සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම